Saturday, June 11, 2011

අවුලක් නෑ සහෝ කමු එනටම සිගා...........


ආදරයේ කෝල හැගුම්
මා සිත මුලා කරා
සාක්කුවට කෙලවී
මා පාරට වැටුනා..

විස්කි බ්‍රැන්ඩි ඇතිවිට යහමින්
හතරවරිගෙම විය මා වටේ
නුඹේ නමින් අහිමි වු විට මා සතේ
ප්ලෙන්ටියකට නැත එකෙකු අඩ ගසන්නේ..

දුවිලි සුළගින් ගත නිරතුරු දැවෙන්නේ
වැරහිලි ඇදුමයි තවමත් විලි වසන්නේ
ඉදුල් පිගානයි බඩගිනි නිවන්නේ
බොර පැහැ ජලයයි තොලකට තෙමන්නේ...

පෙර කළ පවකි මට මේ ලැබෙන්නේ
සිහිනෙන්වත් නොසිතන දේ වෙන්නේ
මා නුඹ ආගිය හෝටලයෙන් බසින්නේ
මා අඹ මිතුරා හා නො‍වෙද අද එන්නේ..

මිතු දම් ඇත අදටත් මා සිත පුරා
එහෙයින් පතනෙමි සුභ පැතුම් හදපුරා
කෙල වුනොතින් බොටත් ළගදිම මචා
අවුලක් නෑ සහෝ කමු එකටම සිගා...........


ගොඩ කාලෙකට පස්සේ මාඩා ආවේ... අකුණු පහරක් නිසා ජාල පහසුකම් නැති වුනානේ මාඩාට... දැනුත් ඉන්නේ අහම්බෙන් සෙට් වුනු ඩොංගලේකින්... අම්බලම පාලු වෙලා වගේ තිබුණා... බිත්තිවලට එහෙම අලුත් පාටක් දීලා ගත්තා ඕන්..... 

ආදහස් කුරුටු ගාලා යන්න අමතක කරන්න එපා......

5 comments:

  1. මාර පද ටිකක්නෙ ............

    ReplyDelete
  2. ඉක්මනට කනෙක්ෂන් එක හදා ගනින්.

    මචෝ කවි ටික නම් මැක්සා බං.

    ReplyDelete
  3. @ කල්හාර, තෑන්ක්ස් මචෝ.... කමෙන්ටුවක් වැටෙනවා කියන්නේ දවල්ට නොකෑවත් තමක් නෑ වගේ.....

    @ ප්‍රසන්න, දැනට ඩයලොග් එකකින් එන්නේ... එත් ADSL තරම් හරියන් නෑ... ඉක්මනට ගන්න ඕනේ බං... තෑන්ක්ස් මාළු......

    ReplyDelete
  4. මචං මම සාමාන්‍යයෙන් කවි කියවන එකෙක් නෙවේ ඉතින් කවියකට මගෙන් කමෙන්ටුවක් වැටෙන්නෙ ගොඩක් කලාතුරකින් ඒත් මේකනං නියමයි බන්.... පට්ට....

    ReplyDelete
  5. @ කිඩෝ, ගොඩක් ස්තුතියි මචාන් අම්බලමට ගොඩ වුනාට... කවි වලට අඩුවෙන් කමෙන්ට් කරන් උඹවගේ එකෙක්ගෙන් මගේ කවියකට කමෙන්ටුවක් වැටෙනවා දැක්කාම මාරම මාර ගති බං....

    ReplyDelete