Thursday, March 29, 2012

පුංචි ගෝලයගෙන්.......























 
මගේ ගුරුතුමීට,

ළමයි දඟ කරාවි,
සත්තයි ඔයාට මාව මතක් වෙයි..

හදිස්සියේ සද්දේ වැඩි උනොත්,
මාව මතක් නොවි ඉන්නෑ..

නිකමට හරි වැඩියෙන් ප්‍රශ්ණ ඇහුවොත්,
අපෝ ඔයාගේ ප්‍රශ්ණ පත්තරේ..

පුංචි කමට හුරතල් උනොත්,
බබා වගේනේ අනේ ඔයා..

ඒත්.................

ළමයි කියාවි,

"ගුරුතුමී හරි හොඳයි"

එදාට..,,

"ඔයාට හොඳට උගන්නන්න පුලුවන්,
ගුරුකම උපතින්ම ඇවිල්ලා තියනවා"

මතක්වෙයි.



 ඉතිං...... මේ පුංචි ගෝලයව කවදාවත් අමතක වෙන එකක් නෑ.......

Wednesday, March 28, 2012

| SEX | බලලම යන්න..... (හැම කෙනෙක්ටම ඕං..)


මිනිසා ද සත්වයෙකි. අන් සත්වයන් සේම මිනිසාද තමාගේ පරපුරේ පැවැත්ම තකා හෝ තෘප්තිමත් බව උදෙසා ලිංගික කර්යයන් සිදු කරයි. නමුත් මිනිසාගේ ලිංගික ක්‍රියාකරකම් හා සංසර්ග ක්‍රම වඩාත් සංකීර්ණ වන අතර සංසර්ග ක්‍රියාවලියට සහභාගී වන්නන් අනුව එකිනෙකට වෙනස් මුහුනුවරක් ගනී.

කෙතරම් සංකිර්ණ ක්‍රම යටතේ මිනිසාගේ ලිංගික සංසර්ගය සිදු වුවත්, එහි අවසාන ප්‍රතිඵලය සෑම සත්ව විශේෂයකටම පොදුවු පරිදි  පුරුෂ ශුක්‍රාණූ  සහා ස්ත්‍රී ඩිම්බ එකතු වීමේන් නව ජීවියෙකු බිහිවීමේ මුල්ම අඩිතාලම වැටිමයි.

පුරුෂයකුගෙන් පිටවන මිලියන ගණනක් වන ශුක්‍රාණූ ස්ත්‍රී ඩිම්බයක් හමුවන තෙක් යෝනී මාර්ගය දිගේ ගමන් කරයි. මෙහිදී අතලොස්සක් වු ශුක්‍රාණූ වලට සර්ථක ලෙස තම ගමන නිමකිරිමේ වාසනාව හිමිවේ. එසේ සාර්ථක වන ඩිම්බ හා  ශුක්‍රාණූ මඟින් නව ජීවියෙකු බිහිවීම ආරම්භ වේ.

********************

පරණ පොත් ගොඩක් මැද්දේ තිබිලා හම්බුන ලක්බිම පත්තර කෑල්ලක (අවුරුද්ද දන් නෑ, දෙවෙනි මාසෙක 15 දින) තිබුනූ ෆොටෝ එක දැකලා හිතට අපු දේ තමයි උඩ පුංචි සටහනේ තියෙන්නේ, ෆොටෝ එක පහල තියනවා.... අපි හැදුනෙත්, අපෙන් තව ජීවයක් ඇතිවන්නෙත් මේ විදියටම නේ... 


පුරුෂ ශුක්‍රාණූ  සහා ස්ත්‍රී ඩිම්බ එකතු වන අසිරිමත් අවස්ථාවක්
 

Tuesday, March 6, 2012

කදුල නුඹේ නමටයි....

තව මොහොතකින් වෙන්වෙලා යනවා..
තදකරන් ඉන්න හැදුවට ඉන්නේ නෑ..
තේරෙනවා, නොකිය කියන්න හදන දේ..
මුල්ලකට ගුලි ගැහෙන්නේ වෙන දේකට නෙවෙයි..
මාව දාලා යන්න..
කමක් නෑ නුඹ යන්න...
ඒත් මේ අහන්න..
මම නුඹට ආදරෙයි...
නුඹට මාවත් මට නුඹවත් නැතුව ඉන්න බෑ..
මම විතරක් නෙමෙයි ඒක නුඹත් දන්නවා..
දැන් ගියත් ආයි එනවා.. කියන්න එනවා නේද..
නොඑන්නේ කොහොමද...
දුකේදි විතරක් නෙවෙයි,
සතුටෙදිත් අපිට ඉන්නේ අපි විතරයි.....


(මාඩා කාලෙකට කලින් මූණු පොතට දාපු එකක්)