Saturday, June 18, 2011

දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටි.........

බොහෝම පුංචියට, මෙච්චරකල් හැංගිලා ඉදලා මගේ ඇස් අද්දරට දැන් ඇවිත් මගේ පපුවේ කොහේදෝ කොනක, මටවත් හොයාගන්න බැරිව තිබුන දෙයක් හොයාගෙන මාව හිරිවට්ටලා ඔයා නම් දැන් හොදට හිනා වෙනවා.....

ඒ හිනා‍ව ඇතුලේ ගොඩක් දෙවල් තියෙනවා... වැඩිය ඕන් නෑ ‍මෙච්චර කල් පරිස්සමෙන් බලාගත්ත මගේ හිත දැන් ඒ හිනාව පස්සේම පන්නනවා... පුංචි හිනා පොඩියකින් මාව මෙච්චර හිරිවට්ටන්න පුලුවන් කියලා මට තේරුණේ අදයි.. අපි අතරේ සීමාවකට තියෙන්නේ අපේ සහෝදරකම.... ඒත්.... ඔය සුදු මුණට එන දගකාර පුංච් හිනාව මට ඒ සීමාව පන්නන්න බල කරනවා...... ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වලු.....

අපි හම්බෙන පරිස‍රය අනුව, ඇස් වලින් කතා කරන්න තරම් අවසරයක් අපි දෙන්නටම නෑ කියලා අපි දන්නවා.... එහෙම දැන ගෙනත් අපි කරන්නේම එක නේද.... කරන දේ වැරදියි කියලා දන්නවා, වැරැද්ද පෙන්නලා දීලා ආයි ඒ වැරැද්ද වෙන එක නවත්තන එක මගේ යුතුකම.... වැරැද්ද වුනත් මගේ හිතත් ඉල්ලන්නේ ඒ දේම නම්........ කොහොමද කටක් ඇරලා මෙහෙම කරන එක වැරදියි කියලා කියන්නේ....

ඒ පුංචි ඇස් දෙකෙන් කියන දේ මට නොතේරෙනවා නෙවෙයි.... මටත් කියාගන්න ඕන ඒ දේමයි..... ගිරවි වගේ නිතරම කච කච ගෑවට,, මම කියන එක වචනෙට දාහක් වචන කිවුවට... මම දන්නවා ඔයාටත් එක වචනයක් කියා ගන්න බෑ, මම වගේම ඔයත් එතනදි ගොළු වෙනවා.... අර කෙහෙම්මල් සීමාව නිසා.....

හැබැයි මේ විදියට ගියොතින් සත්තයි සීමාවන් එකක් නෙවේ දාහක් වුනත් කඩනවා මම.... බොළද වෙනවා නෙවෙයි.... මම රහත් වෙලත් නෑ.. හැගීම් දැනීම් නොදැනෙන මැෂීන් එකකුත් නෙවෙයි............ අවදානම, ප්‍රශ්ණ එන එකක් නෑ කියලා කියන් නෑ...... ඒත් ඒ හිනාව.............. මම බලෙන් ගන්න දෙයක්වත්, ඔයා අකමැත්තෙන් දෙන දෙයක්වත් නෙවෙයි කියලා මම දන්නවා....... මම වෙනුවෙන්ම ඒ මූණේ ඇදෙන පුංචි හිනාව..... ඒ හිනා පොඩියෙන් මට ඔයාගෙ මුලු හිතම තේරුම්ගන්න පුලුවන්.....

කවදා හරි අපේ කටවල් ගොළු වුනේ නැති දවසට.......... සමහර විට ඒ අලුත් කතාවක ආරම්භය වෙන්න පුලුවන්..........!!! ඒත් ගොළු වෙලාම තිබුනොත්....................... කරන්න දෙයක් නෑ..... ආරම්භයක් නැති කතාවක අවසානය තමයි..........

කළුවර රෑ සදක් වගේ - අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මං නොකී කවිය - නුඹට කියන්න

මාඩාට හිතුන දෙයක්......................
ඒත් මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන අය නැතුවමත් නෙවෙයි......................

කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා......

2 comments:

  1. අප්පච්චියේ මන් හිතුවේ මේ බ්ලොගිය අමතක වෙලා ගිහින් කියලා අයිතිකාරයට

    ReplyDelete
  2. මේ වගේ කමෙන්ටු වැටෙන කොට එහෙමත් අමතක කරන්න පුලුවන් ද කඩේ හාමිනේ...... බෝහෝම තෑන්ක්ස් මේ පැත්තේ ආවට.....

    ReplyDelete