මම නුඹ දිහා බලන් හිටියා
නුඹත් මං දිහා බලං හිටියා
මම හිනා වෙනකොට නුඹත් හිනා වුනා
ඒ හිනාව මගේ කියලා හිතුනා
හිනහෙන ගමන් මට ආලෝකය දුන්න නිසා
නුඹ මගේ ජීවිතය වුනා
නුඹ ගැන පෙරුම් පිරුව නිසා
නුඹට ආදරේ කරා
නුඹ තාමත් මගේ දිහා බලන් ඉන්න නිසා
නුඹ ගැන හීන මැව්වා
බලාපොරොත්තු පොදි බැන්දා
ඒත්............
මට අමතක උනා.....
මම පුංචි තණකොළ පෙත්තෙක්
නුඹ අහසම එළිය කරන සද බව....
මේ මොකක්ද? ඇත්තක්ද? ප්රබන්ධයක්ද?
ReplyDeleteඇත්තක් වුන ප්රබන්ධයක් කියලා තමයි කියන්න වෙන්නෙ සහෝ
ReplyDeleteස්තුතියි අලුත් කොල්ලා අම්බලමට ගොඩ උනාට