Monday, April 1, 2013

වැල්ලේ ඇදුනු අපේ අඩි පාරවල්

Camera : OLYMPUS T-110 | Location : Ambalangoda Beach Park

මේ වෙරළෙම අපි දෙන්නා කී දවසක් තනිවෙන්න ඇතිද
මගේ උරහිසේ ඔළුව තියන් ඔයා දවස් කීයක් නිදාගත්තද
ලුණු රස කියලා බලන් නැතුව අපේ දෙතොල් අපිට හොරා කොච්චර ළං වුනාද
ඉමක් නැති මුහුද දිහා බලන් කොච්චර වෙලා ඉන්න ඇත්ද
අඩියෙන් අඩිය තිය තිය පුංචි දුරක් ආවත් තව කොච්චර දුර යන්න හීන මැව්වද
ඒත් ඒ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම....
වැල්ලේ ඇදුනු අපේ අඩි පාරවල් වගේ මැකිලා යද්දි
මගේ හිතට දැනුන තනිකම කියාගන්න කෙනෙක් නැතුව ඒ දුක විදිද්දි
මගේ තනියට තාමත් ඉන්නේ අපේ මතක විතරමයි..
ඉතිං මට කියන්න කොහොමද මම ඒ දෙවල් අමතක කරන්නේ....

10 comments:

  1. නැව් ගිය පාරවලුත් මැකිලා යනවානේ අනේ... මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... :)

      ස්තූතියි Naleen අම්බලමට ගොඩ උනාට...

      Delete
  2. ඒ හීනෙ දුක උනාට ..අලුත් හීනයක් දකින්න ..එය සුබ වෙයි

    ReplyDelete
    Replies
    1. ඒක හීනෙන් එළිවෙන් නෑ කියනවනේ....

      ස්තූතියි rnagi මේ පැත්තට ආවට...

      Delete
  3. අනේ මන්දා සහෝ
    සමහරවිට උඹේ වැරද්දක් නිසා එහෙම වුනා වෙන්නත් පුළුවන් නෙහ්?.

    ReplyDelete
  4. ඇයි වැල්ල දිහාම විතරක් බලන්නෙ, තව පොඩ්ඩක් ඉස්සරහ තියෙන මුහුද දිහා බලල මුහුදෙ ඉන්නෙ එක මාලුවයිද කියල හිතන්නකෙ.

    ReplyDelete
    Replies
    1. මාලු අල්ලන්න යන්න තාම ලයිසන් නෑනේ අයියා... :)

      Delete
  5. අමතක කරන්න අමාරුයි තමයි.. ඒත් හෙමින් හිත හදා ගමු..

    ReplyDelete