Tuesday, January 15, 2013

ඉල්ලන් දාරී හෙවත් ආදරේ ඉල්ලන් කෑම

ජිවිතේ එක එක විදියට එක එක කාලෙට ගලන් යනවා, ඒක නිකන් ෆැෂන් එකක් වගේ දැන්.. ආදරේ කාලෙට පණ ඇරලා ආදරේ හම්බෙනවා ඉහටත් උඩින්.. ඒත් කාලයක් යද්දි ඒ ආදරෙත් අවුට් ඔෆ් ෆැෂන් එකක් වෙලා නැතුව යනවා.. ආදරේ කරන කොට දැනෙන සතුට බෙදා ගන්න ගොඩක් අය හිටියත් ඒ ආදරේ නැති වෙනකොට ඒ දුක බෙදා ගන්න කව්රුවත් ළග නෑ... අඩුම ගානේ අපිත් එකක් ආදරේ විදපු අයවත් නෑ.. 


ආදරේ කරන මුල් කාලේ... හ්ම්..... අපි කියමු වසන්තේ කියලා.... ඔව් වසන්තෙදි ඔයාගේ දුක මගෙත් දුකක්, මගේ සතුට ඔයාගෙත් සතුට... හැමදේම තීරණය කරන්නේ දෙන්නගෙම කැමැත්තට, සතුටට..... ඉතිං ඒ කාලේ හැමදේම සුභවාදීයි.... ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු ගොඩක්.. අලුත් අදහස්.. අලුත් ඉලක්ක... එකිනෙකා වෙනුවෙන් කරන කැපකිරීම්, අනිත් කෙනාගේ හීන හැබෑ කරන්න තියෙන ඕනකම.... අලුත් සිතුවිලි සේරම අලුත් වෙලා..

නැතිවෙන්න ගිය කොල්ලෙක් නම් ආයිමත් ජීවත් වෙන්න පටන් ගන්නා... බෝතලේට ලව් කර එකෙක් නම් බෝතලේ පැත්තට දලා අලුත් ආදරේ වැළද ගන්නවා... තමන්ගේ යාලුවෝ උනත් කොටස් වලට බෙදන්න පටන් ගන්නවා, පිලිවෙළකට අදිනවා පලදිනවා, උදේට පස්සට එලිය වැටෙනකම් නිදාගෙන පරක්කුවෙලා රැකියාවට ගිහින් බොස් ගෙන් අහපු බැනුම් ඔක්කොම නැති වෙනවා, උදේ පාන්දරම එවන සුභ පැතුමක් එක්ක දවස පටන් ගන්නේ චතුරිකා නෙස්ටමෝල්ට් එක්ක පටන් ගන්නවට වඩා ප්‍රබොදෙන්.. වෙනදට ගෙදර එන්න රෑයක් දවාලක් නොතිබුන කොල්ලෝ හත අට වෙද්දි ගෙදර එනවා, එතකොට තමයි ගෙදර උදවිය දැනගන්නේ ඉලන්දාරියා ඉල්ලන් කන්න හදන්නේ කියලා... කව්රු මොනවා කිව්වත්මේ හැමදේම කරන්නේ අර දැරිවිව සතුටින් තියන්න...

කාලේ දුවනවා අපි එක තැන... වෙනස් වෙන්නෑ කියලා හිතන අපිව තනි කරලා හැමදේම වෙනස් වෙනවා.. තව ටිකක් කල් යනවා... තාමත් ආදරේ සතුටක්... දැන් ඒ සතුටට පිටට පේනවා, හිනාව කතාව, හැමදේම වෙනස් වෙනවා... උදේම පිපුන මල් දෙකක් වගේ ජෝඩුව හිනා වෙලා  ඉන්නවා... අහල පහල අයටත් මේ වෙනස දැනෙනවා... සමහරු ඒ සතුට දිහා බලලා සතුටු වෙනවා, සමහරු ඒ සතුටට නැති කරන්න හදනවා, තවත් අය ඒ සතුට තමන්ගේ කරගන්න හදනවා... කොහොම උනත් ඒ සතුටට වටේ ඉන්න අයට ලොකු වෙනසක් කරනවා...

තව ටික කාලයක්........ කොල්ලා දැන් හදන්නේ අර දැරිවිගේ හීන යථාර්තයක් කරන්න... ඔව්... සල්ලි... අද ලෝකේ සල්ලි නැතුව මොන හීනයක්වත් හැබෑ කරගන්න බෑ... ඉතිං කොල්ලා මහන්සි වෙනවා.. වැඩ වැඩ... වැඩ නිසා ගොඩක් කාර්යබහුල වෙනවා... ඒත් මේ හැමදේම අර දැරිවි නිසා..... ඒ පුංචි හීන නිසා.... ඔය අස්සේ හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා.... හිත.... මේ ලොකේ විශ්වාස කරන්න අමාරුම දේ හිත.... ඔයා ආදරේ කරන්නේ රූපෙට, ඇගට, කතාවට, හිනාවට නම් හිතක් වෙනස් වුනාට දැනෙන එකක් නෑ.. ඒත් ඔයා ආදරේ කරන්නේ හිතට විතරක්මනම්.......

දැන් වසන්තේ ඉවරයි.... හැම තැනම ගිනි ගහන අව්ව... ඉර අව්වට ඇගම පිච්චෙනවා... ආදරේ....... හ්ම්.....
හිත ඇතුලින් තනිකම, දුක පිරිලා ඉතිරිලා යනවා... ආදරෙන් පිරිච්ච හිත් වලට තනිකම, දුක දැනුනාම ඇතිවෙන්නේ ශුණ්‍ය බවක්.. කිසිම දේක ආසාවක්, බලාපොරොත්තුවක්, අඩුම ගානේ හිනාවක් මේ කිසිම දෙයක් නැති වෙනවා, උදේට නැගිටින්නේ තව දවසක් මේ තනිකමෙන් දුකෙන් ඉන්න උනාට සාප කරන ගමන් වෙනද උදේට එවන සුබ පැතුම් තාමත් එනවා ඒත් ඒවයේ වෙනදා තියෙන උනුහුම අඩු වෙලා ඒත් ඒක හරි කමක් නෑ කියලා කොල්ලා දවස පටන් ගන්නවා...

වෙනදට මැසේජ් එවනකම් බලන් ඉන්නේ දැරිවි, මැසේජ් දහස් ගාණක් එවපු දැරිවි දැන් වෙනස් වෙලා.. දැන් මැසෙජ් එවනකම් බලන් ඉන්නේ කොල්ලා.. අතේ ඇගිලි ගානට එන මැසේජ් සිය පාරක් කියවලාදැන් කොල්ලට කට පාඩම්.. ඒ එක්කම මැසෙජ් එකක් දාලා රිප්ලයි එකක් ගන්න මිස් කොල් එකක් තියෙන එකත් කොල්ලට සමාන්‍ය දෙයක්වෙලා.... කොහොම හරි දවස ගෙවෙනවා, කොල්ලා රෑට ගෙදර එනවා... කෑ ගහලා අඩන්න බැරි කමට හැංගිලා අඩනවා.... හැමදාම අඩනවා....

දැන් කොල්ලට ජිවිතේ දුකක්... ඇත්තටම කලින් හිටපු ඒ කොල්ලද කියලා හිතෙන තරමට වෙනස් වෙලා, අර දැරිවිත් සමහර වෙලාවට හිනා වෙනවා කලින් වටේ හිටපු අයත් හිනා වෙනවා, ඒ හැමෝටම අත්තටු කැඩිච්ච කුරුල්ලෙක් ගානයි අපේ කොල්ලව... කොහොම උනත් කොල්ලා තාමත් ජීවත් වෙනවා... දැරිවි කරන්නෙම කොල්ලව මග අරින එක, මෙච්චර ආදරය කරපු දැරිවි කොල්ලගේ දුක තේරුන් ගන්නැත්තේ ඇයි..... කොල්ලට තියෙන ලොකුම ප්‍රශ්ණේ..... දැරිවි ඇත්තටම ආදරේ කරනවා කියලා කොල්ලා තාමත් විශ්වාස කරන නිසා සැක සංකා ඇති වෙන්නේ නෑ... ඒත් අර ප්‍රශණෙට තාම උත්තරයකුත් නෑ....

කොල්ලා තනි වෙනවා......!!! දැරිවිගෙන් ඉල්ලීමක්... එයා වෙනුවෙන් කර හොද දේවල් දිගටම කරන් යන්න කියලා..... ඒත් ඒ දැරිවි දන්නේ නෑ ඒ හොද දේවල් ඒ හීන හැමදේම දැරිවි වෙනුවෙන් විතරක් වෙන්වුන දේවල් කියලා... අපේ කොල්ලට අර දැරිවි නැතුව ඒ හීන වල ජීවත් වෙන්න බෑ.... මොකද අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙන් වැඩක් නැති නිසා.... ඒත් තාමත් කොල්ලා තනි වෙලා නෑ.... කොල්ලගේ පරණ සොදුරියක් තාමත් ඉන්නවා.... ඔව් ගල් භාගේ, ඒ සොදුරියට පුලුවන් කොල්ලව ටික වෙලාවකටවත් සැනසිල්ලේ තියන්න... ඒත් ඒ ටික වෙලාවෙන් පස්සේ ආයිමත් පරණ මතක හිතට දුක ගේනවා.... ඉතිං කොල්ලට වෙනවා ඒ සොදුරිය සන්තකේටම තියාගන්න.......කොල්ලට නරකයි කියලා අයින් කරපු පරණ යාලුවෝ මතක් වෙනවා... උන් ගාවට යන්නත් ලැජ්ජයි.... ඒත් යාලුවොනේ.... කමක් නෑ......

කොල්ලාගේ නැතිවීම පටන් ගන්නවා......!!!




_ - _ - _ - _ - _ - _ -_ - _ - _ - _ - _ - _ -_ - _ - _ - _ - _ - _ -_ - _ - _ - _ - _ - _ -_ - _ - _ - _ - _ - _ -

ගොඩ කාලෙකින් අම්බලමට ආවේ... 
සෑහෙන්න කාර්යබහුල උනා
නැති අතරේ මේ පැත්තේ ඇවිත් ගිය හැමෝටම ස්තුතියි..!! 
මම අම්බලමේ මාඩා...

5 comments:

  1. Replies
    1. ස්තුතියි මචං...

      සතුටුයි රත්තා අම්බලමට ගොඩ උනාට...

      Delete
  2. කියන්න දෙයක් හිතනවා. තනිවචනෙන් කියන්න තියෙන්නෙ "ඇත්ත" කියලා තමයි. එත් අන්තිමට ඉතුරැ වෙන සොඳුරිය එතරම්ම සොඳුරැ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට වෙන පොදු සිද්ධියක්නේ දිනේෂ්... අපිව ගොඩ දාන්න එන අය මගක් දුරකට අරන් ඇවිත් අත ඇරලා දාලා ගියාම ඔහොම තමයි..

      ඒ සොදුරිය සොදුරු නැති උනත් ටිකක් හරි හිතට නිදහස ගේනවනම්, වෙලාවේ හැටියට ඒක ලොකු දෙයක් නේද...

      Delete