Tuesday, March 6, 2012

කදුල නුඹේ නමටයි....

තව මොහොතකින් වෙන්වෙලා යනවා..
තදකරන් ඉන්න හැදුවට ඉන්නේ නෑ..
තේරෙනවා, නොකිය කියන්න හදන දේ..
මුල්ලකට ගුලි ගැහෙන්නේ වෙන දේකට නෙවෙයි..
මාව දාලා යන්න..
කමක් නෑ නුඹ යන්න...
ඒත් මේ අහන්න..
මම නුඹට ආදරෙයි...
නුඹට මාවත් මට නුඹවත් නැතුව ඉන්න බෑ..
මම විතරක් නෙමෙයි ඒක නුඹත් දන්නවා..
දැන් ගියත් ආයි එනවා.. කියන්න එනවා නේද..
නොඑන්නේ කොහොමද...
දුකේදි විතරක් නෙවෙයි,
සතුටෙදිත් අපිට ඉන්නේ අපි විතරයි.....


(මාඩා කාලෙකට කලින් මූණු පොතට දාපු එකක්)

2 comments:

  1. //දුකේදි විතරක් නෙවෙයි,
    සතුටෙදිත් අපිට ඉන්නේ අපි විතරයි..... //

    ඇත්ත...:) ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
  2. @ හිතුවක්කාරි: ස්තුතියි සහෝදරී.......... සතු‍ටුයි මේ පැත්තේ ආවට....

    ReplyDelete