Wednesday, February 15, 2012

වැලන්ටයින්, මම නුඹ හා ලේ





විශ්වාසය මතයි නුඹ හා ආවේ
ලොවම නුඹ නිසයි සළු පිළි වැ‍ටුනේ
නුඹගේ සතුටටයි රුකුලක් දුන්නේ
පුංචි රිදුමකින් හදවත ගැහුනේ

නුඹ නම් සතුටින් වෙනදට වැඩියෙන්
ජය දද නැංවු සෙන්පතියකු මෙන්
ගසෙන් නෙලාගත් අරලිය මල සේ
මා ඉන්නේ දැන් කඳුලේ තෙමෙමින්

ඉක්මන කොටයි කියා තිබෙද්දිත්
නැත සිත නැමුනේ එපා කියන්නට
පල්ලම් බැස්සොත් කන්දක් හමුවේ
පොරුව නැගුමට ගත සවි ඇත්දෝ

නුඹේ මව නැගණිය නෑදෑ පිරිවර
නොබලා සිටී ද මඟුල් දිනයේ එය
හැකිවේද ඔබ හට මෙය පවසන්නට
ආදර සැමරුමේ ඇඳ ලේ උන බව

1 comment: