Saturday, September 17, 2011

ගම කොහෙද......???

පුතා..., කොහොමද ඉතින්....
හොදයි මාමේ..

ඒක නෙවේයි පුතා ගම කොහේ කියලද කිව්වේ...
අම්බලන්ගොඩ මාමේ.....

:O අම්බලන්ගොඩ ද????

............................................................................................................

ඔය ඉතින් මාඩාට ගොඩක් වෙලාවට වෙන දෙයක්,,,,,

ඇයි....... දකුණට මෙච්චර බය :D 



අපේ සමහර උදවිය හිතාගෙන ඉන්නෙ දකුනේ ඉන්නෙ කපටි නපුරු මිනිස්සු කියලනෙ ඕන්....

බෙන්තර පාලමෙන් මෙහාට ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් ගේන්න නරකයි.....


රජරට, උඩරට ආච්චිලා සීයලා තාමත් ඔහොමනේ ඉතින් කියන්නෙ.... :D


ඉතින් මාඩා තෙරුන් ගත්ත දෙයක් තමයි...

    1. මුහුදුකරේ මිනිස්සුන් කතා කරන ශබ්දය වැඩියි
    2. ඇයි කතා කරන වේගය එකත් වැඩි නේ
    3. තව දෙයක් තමයි අඩුම ගානේ හාල්මැස්සෙක්වත් ඕනේ.... :D

ඕන්න ඔය වගේ ඒවා අමුතු දේවල් විදියට දකිනව කියන එක..

ඔය තුන ගැන කතා කොරොත්,

    1. මුහුදුකරේ ඉන්න අපි කොහොමත් මුහුදේ සද්දෙට වඩා වැඩියෙන් කතා කරන්නම ඕනේ,
    2. සද්දේ වැඩියෙන් කතා කරන නිසා වචන ඉක්මනට පිටකරගන්න ඕනේ,
    3. ගොවිතැන් කරන කෙනාට අලුත් එලවළු, අලුත් හාල් කෑමට ඕනේ වගේ අපිට පොල් සම්බොලයි බතුයි එක්ක මාලු කෑල්ලක් ඉතින් ඕනේ....

ඒත් අනේ මන්ද ඇයි අපිට ඔච්චර බය............................... :D



කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා......

6 comments:

  1. නියමයි මචන්.. මොනව උනත් අපි අම්බලන්ගොඩයො කියන්නේ ආඩම්බරෙන්.

    ReplyDelete
  2. @ ජයමාල්
    අනිවා මචාන්..... තෑන්ක්ස් මේ පැත්තේ ආවට....

    ReplyDelete
  3. මට නම් අතක් පතක් නැ බන්. එත් මම ඉපදුනේ ගාල්ලේ මහා මෝදර..! මිනිස්සු විවිදාකරයි..

    ReplyDelete
  4. @ දුශ් : අඩේ මාත් එහේ තමා.... ලංකාව හරිම පුංචි බං....

    thnx සහෝ මේ පත්තේ ආවට....

    ReplyDelete
  5. niyamai ban ela kiyal wadak naha brawoo manju

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළහිරු මේ පැත්තේ ආවට... එල තමයි

      Delete