Friday, September 23, 2011

දිඟු දෑස දු‍ටුවාම - ඇඬෙනවා තනි ඇහැට......... (15+)


දවස සිකුරාද, වේලාව හවස 6.40 විතර ඇති,
පුරුදු විදියට බස් එකේ ඇවිත් හති දාගෙන මාත් මොර‍ටුවට ගියා,

අය්යෝ....... සෙනඟ.......
ලංකාවෙම මිනිස්සු කොච්චියට නැගල වගෙ,,
මොනවා කරන්නද,, ලබා උපන් හැටි තමයි...
මේ මාතර යන train එකෙන් පස්සේ තියෙන්නේ තැපැල් එක,,,
ඇන්ජිමේ හරි මේකේ නොගියොත් සුං...
මාත් සෙනග අඩුයි කියල උපකල්පනය කරල නැග්ගා පෙට්ටියකට,, (පෙට්ටිය කිවුවට නැග්ගේ යටම පඩියෙන් 2ක් උඩ පඩියට) ඇත්තටම හොද වෙලවට අපි වඳුරගෙන් පරිණාමය වුනේ.. නැත්තන් කොහොමද ඇඟිලි හතරකින් විතරක් එල්ලිලා මේ වගේ ගමනක් යන්නේ...

කෝම කෝම හරි කලුතර දී යාන්තන් උඩට ආවා.... අප්පේ.... කකුල් දෙක නිකන් නැ වගේ.... ශීට් එකක පැත්තෙන් සයිඩ් සපොර්ට් ගන්න ගමන් මම relx උනා....
පුරුදු විදියට රබර් ඇහැ කැරකැවුවා, අදුනන එකෙක් වත් sheet එකක හිටියොත් කියලා.............................................,,

අංශක 45, නැ
අංශක 90, නැ
අංශක 105, නැ......... වැරදුනා නැ නෙවෙයි ඉන්නවා,, ඒත්..............
කවදාවත් මේ වගේ තැනකදී දකීවී කියල හිතන්න බැරි දෙන්නෙක්.......

ඔව් කපල් එකක් තමයි.....,,

දෙන්නම හද බලා ගුවන් ගත වෙමිනුයි ඉන්නේ.. :D 
උන් දෙන්නටම සිහිය නැ, ප්‍රේමයෙන් මුසපත් වෙලා, රාග ගින්නේන් පිච්චි පිච්චි....
පව් අප්පා..... රස්නේ.......

ඔක්කොටම හපන් පාන් පිටි කිලෝ තුනක එවා මේවා උලපු කෙල්ලගේ මුනු පොඩිය....
ඔලුවේ ඉදන් බේරෙන දාඩිය ගංඟා තුන හතරක් අර මුනූ පොඩියේ ලස්සන රටා මවලා..........
කොන්ඩේට මම දැකලම නැති මොකක්දෝ මගුලක් කරලා.....

අනේ අනිච්චං....
කොල්ලා පිස්සා වගේ..........  අතාරින්නේම නැ.....
කනවා, බොනවා, අඹරනවා.............. අම්මෝ..... එකක් කියලයැ.....
මොන හදිස්සියක්ද මන්ද...?? ( මොකෝ අපි ඉල්ලනවැ කියලයි :D)

 
ඒ අස්සේ තව තව මුනු එබේනව බලන්න... දෙන්නත් එක්ක වටේ පිටේ හැමෝටම රස බෙදනවා.... (hikzz...)
ඕවා දැකලා මාඩාට මේ දවස් වල ප්‍රසිද්ධ වදනක් මතක් උනා.......

දිඟු දෑස දු‍ටුවාම - ඇඬෙනවා තනි ඇහැට.........
...........................................................................................................

මුන් කොළඹ එන්නේ වෙනස් වෙන්න ද??
කොළඹ මුන්ව වෙනස් කරනවද??
බොලා Love කරාට කමක් නෑ.... ඒත් රඟන්න එපා......

මොකද ජනතාව අවදියෙන්.......
...........................................................................................................


කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා......

4 comments:

  1. පැහැදිලි ඊරිසියාව :D

    ReplyDelete
  2. @ Sandamal : අඩේ ඊරිසියාව නෙවේයි බන්..... ඒක දැක්කාම සසර කලකිරෙනව.... :D :D

    ReplyDelete
  3. උබත් හොද පැපරාසියෙක් නේ බලන් යනකොට..

    ReplyDelete
  4. @ ChammA : නෑ බන් දෑක්ක දේ කිව්වේ.... අපි කියලා පොට්ටයැ.....

    ReplyDelete