Thursday, April 14, 2011

ඇරඹුම....

මම මාඩා,
2011 සිංහල අලුත් අවුරුදු දවසේ blog එකක් මේ විදියට පටන් ගන්නවා..
මුලින්ම...‍
ටිකක් හිනා වෙන අභීත අයියත්, ගෝල්ඩ් fish ගේ ටැංකියේ පීනන Prasanna ත්, හසිගේ සිතුවිලි අතරේ දඟලන හෂිකත්, පාලමෙන් මෙහා එකෙක් වුනු දැන් පේන්න නැති රත්ගමයා ත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ.....
මොකද මේ blog කරුවන් ගේ නිර්මාණ දැකල තමයි මට ලියන්න හිතුනේ...
ඒත් ම‍ට ලියන්න පුලුවන්ද කියලා මම දන් නෑ..... දෙයියනේ කියලා දන්න සිංහල අකුරු ටික ගලපන්න හිතන්  ඉන්නවා.. මොනවගේ දේවල් මගේ අතින් ලියවේයි ද කියල නම් මම දන්නෑ.... මොකද තාම එහෙම දෙයක් හිතලවත් නැති නිසා....

අම්බලම කියන්නේ ඒකයි....
විවිධ තරාතිරමේ අය එනවා කිසිම තහනමක් නෑ...
මහන්සි නිවාගෙන.. හිතේ තියෙන දේ කුරුටු ගාලා යනවා.......

මේකත් ඒවගේ වෙයි.... ඒක ඒක දේවල්, පුංචි පුංචි දේවල් ලියවෙයි..........
සාර්ථකත්ව‍යේ මිම්ම තියෙන්නේ ඔයාලගේ අතේ....
පුංචි comment එකක් දාන්න මාඩා ගේ අම්බලම ගැන........

11 comments:

  1. සුභ ගමන් මචං.... ඔහොම ලියාගෙන යමු එහෙනම්....

    ReplyDelete
  2. thanxxx මචෝ.... මෙන්න මාඩාට අද මාරම හැපී දවසක්.... මාඩාට comment එකක් එකක්, පස්සෙන් ඉන්න කෙනෙක් ඇවිත්....
    GOLD FISH තමයි වෙන කවුද.... තෑන්ක්ස් සහෝ......

    ReplyDelete
  3. තෑන්ක්ස් නෙමේ... දිගටම ලියපිය.... බය නැතුව හිටු තව එයි රොත්ත පිටිං ලිපි ලියවෙද්දී...

    ReplyDelete
  4. ලියමු ලියමු..........

    ReplyDelete
  5. මාඩාට සතුටූයි අම්බානෙකට....

    ReplyDelete
  6. මගේ සුබ පැතුම් ...........

    ReplyDelete
  7. හැමදෙනාටම ස්තුතියි.....

    ReplyDelete
  8. අගෙයි ඔහොම යමු. අද ඉඳං එන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අම්බලමට ගොඩ උනාට...

      Delete
  9. අම්මට සිරි.. මේ මගේ නමත් තියෙන්නේ.... එළ කොල්ලො.. ඒත් පටන් ගත්තා වගේ නෙවෙයි කරගෙන යන එකයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. අත අරින්න හිතෙන් නෑ අයියේ,,,, අනිවා දිගටම ලියනවා.......
      ස්තුතියි අම්බලමට ගොඩ උනාට

      Delete