Wednesday, February 15, 2012

වැලන්ටයින්, මම නුඹ හා ලේ





විශ්වාසය මතයි නුඹ හා ආවේ
ලොවම නුඹ නිසයි සළු පිළි වැ‍ටුනේ
නුඹගේ සතුටටයි රුකුලක් දුන්නේ
පුංචි රිදුමකින් හදවත ගැහුනේ

නුඹ නම් සතුටින් වෙනදට වැඩියෙන්
ජය දද නැංවු සෙන්පතියකු මෙන්
ගසෙන් නෙලාගත් අරලිය මල සේ
මා ඉන්නේ දැන් කඳුලේ තෙමෙමින්

ඉක්මන කොටයි කියා තිබෙද්දිත්
නැත සිත නැමුනේ එපා කියන්නට
පල්ලම් බැස්සොත් කන්දක් හමුවේ
පොරුව නැගුමට ගත සවි ඇත්දෝ

නුඹේ මව නැගණිය නෑදෑ පිරිවර
නොබලා සිටී ද මඟුල් දිනයේ එය
හැකිවේද ඔබ හට මෙය පවසන්නට
ආදර සැමරුමේ ඇඳ ලේ උන බව

Wednesday, February 1, 2012

ජිවිතය..........

පිපෙන්නට අවසරයි



කඳුළ ඉතිං සමාවෙයන්......



මා තනියම



ආදරේ නිසා



කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුය සසරින් නික්මෙන දා


පින්තුර උඩ එබුවොත් තව ටිකක් ලොකුවට පෙනෙවි

Monday, December 5, 2011

28 DAYS_දින 28




දින විසි අටක් නිදිමරා රෑ වැඩ කොට
බලා හිදිමි නෙත් අයා තව දින පහක්
පිරිසිඳු වී පැමිණේන තුරු නුඹ
හොඳින් හිර කොට ඇතුලට දමන්න







Monday, November 28, 2011

set වීම




ඇත්තටම කියාගන්න වචන නෑ මචන්ලා..... 

මාරම happy මුල්ම පාරට සෙට් වීමට සහෝ..............

thnxx a lot අයියේ,,,, අක්කේ.................. කෑම ටික maxxaaaa...........

Saturday, October 29, 2011

ටොමි & පඬි

ගොඩ කලෙකට පස්සෙ පුන්චි කතාවක්....

මේක අපෙ බුවෙකුට උන දෙයක්... (මඩක් තමයි)


ඔන්න අපේ පඬි කියලා බුවෙක් ඉන්නවා... සිරා පොරක්... අඩින්නේ කපුගේ kit එක,,


ඔන්න ඉතින් මේ බුවා ගියාලු දවසක් තමන්ගේ කෑල්ලගේ ගෙදර.... ඒ හුටප්පරේ අම්මා විතරලු දන්නේ.... කෙල්ලගේ තාත්තා දන්නැලු.... කොහොමින් කොහොම හරි එදා මාමන්ඩිය ගෙදරලු ....
දැන් ඉතින් කොල්ල හොද ලමය වගේ ආගිය තොරතුරු කත කර කර ඉන්නවලු.....
මාමන්ඩි කොල්ලව ගෙට ගත්තේ නෑ ලු.... එලියේ පු‍ටුවක වඩිවෙල කතාවලු දැන්....
ඒත් එක පාරටම....................................................
පුන්චි වාතයක් ගියාලු අපෙ මේ වීර පුතාට....

මාමන්ඩිය: ටොමි.....

කියලා ටිකක් සැරෙන් කිව්වලු, කොල්ලට දැන් happy ලු... පු‍ටුව යට හිටපු බල්ලා නිසා card එක බේරුන එකට...

ඔහොම තව ටික වෙලවක් යනකොට... අයි පාරක් incomming ලු....  පඬි පුතා ක්‍රමේට එ call එකත් answer කරාලු....

ඒ පාරත් මාමන්ඩියා ටොමි..... කියලා මලම පැනල සැරෙන්ම කිව්වලු..

අපේ එකා එත් ගොඩලු.......
එත් එක්කම කොල්ලට ආයිමත් වාතයක් set උනාලු......

ප්ට්ක්.... ප්ට්ක්.... ඩෝන්............................. :D

මාමන්ඩි නැගිට්ටලු 
ටොමි පල අහකට තව ටිකකින් ඕකා තොගේ ඔලුවේ රෙනව.. පල පල ද්හු කිව්වලු.........

_______________________________________________________

blog ලෝකේ පීන පීන ඉන්න මාලු සහෝ අද කතා කරා.... blog වලින් මාඩාට මුලින්ම කතාකරේ උඹ තමයි මචාන්....  මාඩාට මුල්ම comment එක දැම්මේත් මුලින්ම සෙවනැල්ල වුනේත් මාලුවම නේ.... සතු‍ටුයි අඳුර ගන්න ලැබිම...... :D

Wednesday, September 28, 2011

නුඹයි...


අවසනයද ආරම්භයද
සිනාවද කඳුලද
අඳුරද ආලෝකයද
පද වල ජීවයද නුඹයි..

තනිකමට අදරය පෙව්
ආදරයට අරුතක් දුන්
අරුත්බරව මගේම වූ
සෙනෙහෙබර බිරිඳ නුඹයි..

දරුවනට මවක් වූ
වැඩිහිටියනට දුවක් වූ
විටෙක මට සොයුරියක් වූ
මගේ සුදු මැණික නුඹයි...




.........................................................................................................................
කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා......