මාඩාගේ ගෙවිලා ගිය ජීවිතේ වෙනසක් වෙලා දැන් ටිකක් කල් වෙනවා.. ලංකා දූපතෙන් පිටත් වෙලා කාන්තාරේ ලැගුම් ගත්තේ හිතේ තියෙන දහසකුත් හීන වලින් එකක් දෙකක් වත් හැබෑ කරගන්න පොඩි උත්සහයක් ගන්න.. කාලා බීලා ඇදලා කරලා හිටියට හීන හැබෑ කරගන්න එක ලංකාවෙදි දැන්ම කරන්න අමාරුයි කියන එක මාඩාට හිතුනා...
ඉතිං මෙන්න දැන් මාඩා කාන්තාරේ.......
ඇවිත් තාම මාස 2 දවස් ගානක් වෙන්නේ... ඉතිං ඔය විදියට මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවා.. අලුත් මිනිස්සු, අලුත් පරිසරය හැම දේම මට අලුත්.. ඒත් ලංකාව මතක් වෙන්නැති වෙලාවකට තියෙන්නේ නහුතෙට වැඩ සෙට් වෙන වෙලාව තමයි... නැත්තන් හැමවෙලේම ලංකාව මතක්වෙනවා... කොහොම උනත් අපි ඇවිත් ඉන්නේ වැඩ කරන්න නිසා වැඩ කරන්න එපැයි... දෙයක් ලබා ගන්න නම් කැපකිරීම් කරන්නම වෙනවානේ... නිදහස නම් ටිකක් අඩුයි, නිවාඩු තියෙන්නේ සිකුරාදා විතරයි, අනිත් දවස් 6 යනවට වඩා ගොඩාක්ම ඉක්මණින් සිකුරාදා ගෙවිලා යනවා, පැය 8 වැඩ රාමුවකට කොටු වෙලා උන්නු මට ටික දවසක් ගියා ඒ රාමුවෙන් එලියට එන්න... කොහොම හරි අමාරුවෙන් උනත් ටිකක් කාර්යබහුල රාමුවකට යන්න වෙනවා... දේසේ හැටියට වාසේ කිව්වලුනේ...
ඉතිං මීට පස්සේ අවුරුදු 2ක් යනකන් මඩා ගේ අම්බලම ලියවෙන්නේ කාන්තාරේ ඉදන් තමයි...
මෙහෙදි ඇහුන පුංචි පුංචි රස කතා ටිකක් තියෙනවා වෙලාවක් ආවාම ඒවාත් දානවා...
අවුරුදු හතකට විතර ඉස්සර අතීතයක් මටත් මතක් වුනා . මාස දෙක නම් තවමත් home sick ද දන්නේ නැහැ . ලියන්න , අපි එන්නම් ඔබත් එක්ක එකතු වෙන්න.
ReplyDeleteස්තුතියි
හ්ම්........... මටත් හිතෙනවා එහෙම මහේෂ්.... තාම මාස 2ක නිසා ගෙදර මතක් වෙනවා අම්බානකෙට....
Deleteස්තූතියි අම්බලමට ගොඩ උනාට....
කාන්තාරය ක්ෂේම භූමියක් කරගෙන වැඩ ටික කරගෙන යන්න හැකිවේවා !
ReplyDeleteඅනිවා අනිවා... නැත්තන් ඉන්න එක හරිම අමාරුයි...
Deleteකමක් නෑ මඩා පළමුව දිවිය ජයගත යුතුයි. අපේ සුබ පැතුම් ඔබට. හැකි විට ලියන්න.
ReplyDeleteමගේ හිතේ තියෙන්නෙත් ඒක තමයි සහෝ... පුලුවන් හැම වෙලාවෙම ලියනවා අනිවා.....
Deleteමමත් අවුරුදු ගානක් ඕමාන්වල හිට්යා.දුක,පාලුව,සාංකාව දැනේවී.ඉවසගෙන කරගෙන යන්න.තවමත් මගේ බොක්කේ හිතවත්තු ඉන්නවා ඕමානයේ සහ සෞදි වල.මඩා ඉන්නේ ඒ පැතිවලද?
ReplyDeleteස්තූතියි සහෝ... මම කටාර් වල..
Deleteටික ටික කොහොම හරි හුරු වෙන්න වෙනවා මේ ජිවිතේට....