Monday, March 11, 2013

වැස්ස නුඹ නිසා.....



හදිස්සියේම...... ඊයේ වැස්සා....... හොදටම වැස්සා.... 
මන්දාරමේ එකතු වෙලා තිබුණු වැහි බින්දු මාව හොදටම තෙම්මුවා.... 
මගේ කදුලු අරන් වැහි බින්දු බිමට වැටුනා... 
දැන් මම ආයිමත් හිනා වෙන්න උත්සහ කරනවා...  
හැම දෙයක් දිහාම සුභවාදීව හිතන්න ඒ වැස්සෙන් මම ඉගෙන ගත්තා... 
සමහර ේවල් වෙනස් වෙන්න එක වැස්සක් ඇති...

- - - - - - 



 


ආයිමත්  වහිනවා....
කාලෙකට කලින් මේ වැස්ස මේ විදියටම බිමට වැටුනා
මතකද??
අපේ පුංචි කුඩේ අපිව ගොඩක් දුර අරන් ගියා..
කොච්චර තෙමුනත් ඔයාටයි මටයි ඒ කුඩේ මදි වුනේ නෑ..
හිත පිරිලා ඉතිරෙන්න තරම් ආදරයක් ඒ වෙනකොට
හිත් වල පිරිලා තිබුන නිසා කොච්චර වැස්සත්
අපිට සීතල දැනුනේ නෑ.. මුරුගසං වරුසාව කොච්චර අරියාදු කරත්
ඔයා තුරුල් කර ගත්ත මගේ අතේ බර ඔයාට දැනුනේ නැත්තේ
ආදරේ නිසා කියලා මම දැනුත් හිතනවා...

 ඒත් දැන්..........
මුරුගසං වරුසාවෙදි මගෙන් මිදුන් නැති ඔයාගේ අත, අද ඔයා ගසලා දලා,
වෙනදටත් වඩා මගේ ආදරේ වැඩි වුනත් අපේ පුංචි කුඩේ
දැන් අපිට මදි වෙලා..
ඉස්සර ගොඩක් දුර ගියත් දැන් අඩි දෙකක් තුනක් යන එකත් හීනයක්ම වෙලා,
ඔව් මම තනි වෙලා.... හැමදේම හිතේ තුරුල් කරන් මම තනි වෙලා,
නැතිවෙන්න දෙයක් නැති වුනත් තිබුන ඒ හැමදෙයක්ම මට ගොඩක් වටිනවා..
වැස්ස ගැන කොච්චර ආසාවෙන් එදා කතා කරත්
අද මම වැස්ස නිසාම තනිකම තේරුම් ගන්නවා....
හිතේ තියෙන ආදරේ වැඩි නිසාම ගල්ගැහෙන මේ සීතලේ තෙමෙන ගමන් මම තාමත්
ඒ පරණ කුඩේම හොයනවා... සමහර කුඩ මට සමච්චල් කරනවා,
සමහර ඒවා අනුකම්පා කරනවා....
ඒත් මං තාමත් පරණ කුඩේම හොයනවා.... අපේ කුඩේ තාමත් හොයනවා....


අන්තිමට...... මම තාමත් වෙනදා වගේම මේ වැස්සට ආදරෙයි...
මොකද එදා මට හිනාවෙලා සතුටෙන් ඉන්න වරම් දීපූ මේ වැස්සම,
අද මගේ කදුළු කාටවත් පෙන්නේ නැති වෙන්න ඇස් අද්දරම හෝදලා දාන නිසා....


14 comments:

  1. එකු කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්ඳෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    හිරිමල් වරුසාවේ...

    නිර්මාණය කියවගෙන යද්දි මට මතක් වුනේ වික්ටර් මහත්තයගේ ඒ සින්දුව..ගොඩං සංවේදී ආත්ම කථනයක් මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...
      හදවතට දැනිච්ච දෙයක් ගැන කතා කරද්දි සංවේදිවෙනවා...

      අම්බලමට ගොඩ උනාට ස්තුතියි ජනරංග..

      Delete
  2. අපේ ජීවිත කොහොම වෙනස් උනත් සොබා දහම එහෙමමයි. ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න...
      ජීවිතේ සමහර දේවල් ලබා දෙන්නෙත්, නැති උනාම ඒ අඩුව ගැන කියා දෙන්නෙත් සොබාදහම කියලයි මට හිතෙන්නේ...

      Delete
  3. මරු මචං... කාලෙකින්....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ...

      ඔව් මචං වැඩ ටිකක් සෙට් වුනා...

      Delete
  4. පරිසරය කියන්නේ මිනුසුන්ගේ සිතුම් පැතුම් එකක්ම ගැටෙන දෙයක්නේ ....ලස්සනයි

    ReplyDelete
    Replies
    1. පරිසරයට පුලුවන් ආපේ හැගීම් එහෙම්පිටින්ම වෙනස් කරන්න...

      ස්තූතියි අම්බලමට ගොඩ උනාට rnagi...

      Delete
  5. මාත් ආසයිලු වැස්සට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වැස්සටද ? වැස්සේ තෙමෙන්නද ? :)

      Delete
  6. වැස්සට මමත් ආදරෙයි.. කොහොම හරි කුඩේ හොයා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. වැස්ස ජිවිතය අලුත් කරනවනේ...
      තාම කුඩේ හොයනවා මචං... බලමුකෝ...

      Delete
  7. මාඩා නිතරම වැස්ස ගැන කතා කරනාදෝ මන්දා... මට මතක විදිහට මං ඉස්සරෝම ‍අම්බලමට ආව් වැහි අහසක් ගැන ලියාපු පොස්ටුවක් කියවන්න.. ලියවිල්ල විතරක් නෙවේ ලියවිල්ලේ පෙනුමත් හොදයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා... මොකද වැස්ස මට ගොඩක් දෙවල් මතක් කරලා දෙන නිසා,
      ඔව් පිඋමි මුලින්ම අවේ මන්දාරම ලිපිය කියවන්න කියලා මට මතකයි,
      ස්තුතියි ඈ... :)

      Delete