 |
Camera : OLYMPUS T-110 |
නුඹට හොරා
නුඹම දිහා
බලා සිට
දෙනෙත අයා
අසුරු සැනින්
ගත්තා සින්නක්කර
නුඹේ සොදුරු රුව
කාටත් හොරා
~ ~ ~
දවසක දැකපු හීනයක් ගැන මතක් වෙද්දි,
ජීවිතේ කියන්නෙ ඒ හීනේ නේද කියලා හිතුනා......
දවසක වුන බලාපොරොත්තුවක් මතක් වෙද්දි,
අරමුණක් කියන්නේ බලාපොරොත්තුවක් නේද කියලා හිතුනා......
දවසක මුමුණපු වචන මතක් වෙද්දි,
ශක්තිය කියන්නේ ඒ වචන නේද කියලා හිතුනා......
දවසින් දවස අතීතේ මතක් වෙද්දි,
මම ජීවත් වුනේ ඔයා නිසා නේද කියලා හිතුනා......