Friday, October 19, 2012

මන්දාරම



ගොඩක් ඉස්සර මම මන්දාරමට ආදරේ කරා, මොකද ඒ මන්දාරම යටින් යද්දි මට දුකක් තනිකමක් දැනුනෙ නැති නිසා, මන්දාරම කොච්චර දරුණු වුනත් හිතට බයක් ආවේ නෑ... ඒත්...... කාලයක් යද්දි මන්දාරමයි තනිකමයි දුකයි විතරක් මට ඉතුරු වුනා.....

ඊට පස්සේ මම මන්දාරමට වෛර කරා.. තනිකම තුරල් කරන් හිටපු මට මන්දාරම වදයක් වුනා. සීතලට උණුසුමක් නැතුව ඉබාගාතේ ඇවිද ඇවිද හිටපු මට, පුංචි උණුසුමක් ගේන්න පුලුවන් උනේ බියර් එකකට විතරයි... ඔව් පාලුව, තනිකම, සීතල මේ හැමදේම බෝතලේට උගස් කරන්න මට සිද්ද වුනා...

එක දවසක් අහම්බෙන් මන්දාරම ටිකක් තුනී වුනා... හීනි ඉර එලියක් පොළවට වැටුනා.... ඒක ටිකෙන් ටික මන්දාරම තුනී කරා... සත්තයි... ඒ එලියෙන් ජීවිතයක් දැක්කා..මං වෙනුවෙන් ඉන්න ජීවිතයක් ඒ ඉර එළියෙන් මං දැක්කා... මන්දාරමෙන් බැට කකා හිටි මට ඒ ජීවිතය ලොකු හයියක් උනා... කවදාවත් ොදැකපු බැදීමක පෙරමං සළකුණු දැක්කා.... ඉතිං... බෝතලේට සමු දීලා ජීවිතය එක්ක හාද වුනා.. 

ඒත් ඒ ජීවිත ටිකක් දුරයි... ආයිමත් මන්දාරම ආවා... සැරින් සැරේ ඉර පායලා එලිය කරත්.. ගොඩක් වෙලාවට මන්දාරම දිනුවා..... හැමදාම මග බලන් ඉන්ේ කවදආයිමත් ජීවත් වෙන්ේ කියලා..  කවදා හරි මන්දාරේ තනි මකන්න ජීවිතය ඉන්න නිසා වෙනදා තරම් මන්දාරමට වෛර නොකරත්.. මන්දාරමට ආදරේ කරන්න මට බැරි වුනා... 

හදිස්සියේම...... ඊයේ වැස්සා....... හොදටම වැස්සා.... මන්දාරමේ එකතු වෙලා තිබුණු වැහි බින්දු මාව හොදටම තෙම්මුවා.... මගේ කදුලු අරන් වැහි බින්දු බිමට වැටුනා... දැන් මම ආයිමත් හිනා වෙන්න උත්සහ කරනවා... හැම දෙයක් දිහාම සුභවාදීව හිතන්න ඒ වැස්සෙන් මම ඉගෙන ගත්තා... සමහර ේවල් වෙනස් වෙන්න එක වැස්සක් ඇති... මම දැන් මන්දාරමට වෙනදට වඩා ආදේ කරනවා...  විතරක් නෙවෙයි මම දැන් වැස්සටත් ආදරෙයි...... 

වෙනදා මන්දාරමට වෛර කරපු මම, හීන් වැහි ොදට බැනපු මම, අද මහ වැහි වැටෙකන් මන්දාරම දිහා බලාගෙන ඉන්නවා... අද නම් වහින පාටක් නෑ.... කමක් නෑ.... කවදා හරි වහින්න එපැයි.... මම බලාගෙන ඉන්නම්.......

 

සිහිනය


12 comments:

  1. මන්දාරමට මමත් ගොඩක් ආසයි, වැහි බීරිම පාත්වෙලා වටපිටාවම සීතලේ ගිලිලා අහස කළුම කළු පාට වෙලා ගස් කොලන් නොසෙල්වී තියන ඒ ගුප්ත පෙනුමට මම පට්ට ආසයි.

    ReplyDelete
    Replies
    1. ලොකෙම නැවතිලා වගේ ඒ වෙලාවට....

      ස්තුතියි අම්බලමට ගොඩ උනාට පැතුම්

      Delete
  2. මංදාරම ගැන කියන්කොට මට මතක්වෙන සිංදුවක් තියෙනවා ඒ තමයි, රෝහණ වීරසිංහගේ ""මුතුකුඩ ඉහළන මල් වරුසාවේ..." ඇයි කියන්න දන්නේ නෑ.සමහරවිට වැහිළිහිනී ගැන කියවෙන හිංදද දන්නේ නෑ.කොහොම වෙතත් මම නම් පරිසරයම අමුතු කරගෙන එන මංදාරමට ආසයි. ජය.

    ReplyDelete
    Replies
    1. සමහර විට යොදාගත්ත නාද රටා නිසා එහෙම වෙනවා වෙන්න ඇති.... මන්දාරම තනිකම විදින්න කියාපු පරිසරයක්...

      ස්තුතියි රතු රජරට අම්බලමට ආවට

      Delete
  3. මන්දාරම ජීවිතේට මතකයන් එකතු කරපු ලස්සන මොහොතක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං... අමතක නොවෙන මතක ගොඩාක් මන්දාරමත් එක්ක බද්ද වෙනවා....

      Delete
  4. වැස්සටත් වඩා මන්දාරම ලස්සනයි...තටබලා තටබලා වහින්න ඔන්න මෙන්න තියෙන ගැබ්බර අහස තරම් ලස්සන තැනක් මේ ලොකේ නෑ. ඒ වෙලාව ලස්සනම වෙලාව මේ ලොකේ තියෙන..මන්දාරම... වැස්ස... විඳින්න හිතපු එකත් කොච්චර දෙයක්ද? ජීවිතේ ලස්සනම දේවල් මන්දාරමත් එක්ක එකතු වේවි... දැනෙවි. වැහැලා ඉවර උනාම සේරම අළුත්. එත් පරණ ටිකේ... අතීතයේ.. අන්තීම ටික තමා මන්දාරමේ තියෙන්නේ. අන්තීම ටික අන්තීම මොහොතේ විදගන්න ආසා අය හැමදාම මන්දාරමට ආදරෙයි.අම්බලමට වහින එක ගැන සතුටු වෙන්න.හුඟාක් දේවල් දැනේවි.

    ලස්සම දෙයක් ගැන කතාකළ පොස්ටුවක්.
    සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. මන්දාරම ලෝකයම සංසුන් කරලා හැමෝගෙම හිත් නොසන්සුන් කරන පරිසරයක්...
      අම්බලමට තාම හීන් පොදක් වැටෙන්නේ... බලමු ගංවතුර ගලන්න වහිනවද කියලා... :)

      ස්තුතියි PM අම්බලමට ගොඩ උනාට....

      Delete
  5. මම හරිම කැමතියි මේ පෝස්ට් එකට! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු...

      Delete
  6. යටින් තව කතාවක් කියවෙනවද මන්දා. හිතට වැදුනා. එල.

    ReplyDelete
    Replies
    1. පුංචි යටි කතාවකුත් නැතුවම නෙවෙයි... අයියට තේරුණා... ;)

      ස්තුතියි අයියා...

      Delete