Thursday, September 6, 2012

අතීතය


ඔව් මම තාම ඉන්නවා,
මම දන්නවා උඹ මාව එලිය කරේ මට තියෙන ආදරේකට නෙමෙයි,
උඹට මාව ඕන වුන නිසා, ගෙයි මුල්ලේ හිටි මාව පිහිදානකොට මම හිතුවේ,
උඹලගේ ලොකු එකීට වගේ උඹටත් ගාය හැදිලා කියලා,

ඒත් ඒකීටත් මාව ඕන උනේ අර මස් වැද්දගේ ලොකු එකාට ආදර ලියුම් ලියන්න විතරයි,
මට මතකයි...
ඒකී අන්තිමට මාව හුරතල් කරේ අරුත් එක්ක හදපානේ යන දවසේ රෑ.....

දැන් උඹ ??? බොට මොකටද මාව?? අනේ මට මගේ පාඩුවේ ඉන්න දියන්...

සුදු පාටට දිලිසෙන අර දිග ගැටව් දිහා බලද්දි මම නාකියි.... ගොඩක් නාකියි බොල...
උඹ දන්නවද උඹලෑයේ අම්මගේ අම්මත් එක්ක තමයි මම මෙහෙ ආවේ,
බොලා හැදුනේ, වැඩුනේ මගේ ඇස් ඉස්සර... ඒ මගේ තරුණ කාලේ...
ඒ කාලේ අවුරුද්දට කවුරුත් මාත් එක්ක තමයි වැඩි ගණුදෙනුවක් තිබුනේ...
තොපේ මහ එකා මාව උලලා උලලා ලස්සනට තියනවා ඒ කාලේ...
ඔව්... අන්තිමට උන්දැගේ මරණේ දවසේත් මම උන්දැට තනි රැක්කා...
වෙන කවුරුත්ම හිටියේ නෑ උන්දෑ ගාව....

දැන්... දැන්... උඹ මොකටද එන්න හදන්නේ...
කමක් නෑ පත්තු කරපන් මාව.... පත්තු කරපන් කිව්වාම.....
ඊට පස්සේ මාව විකුණපිය... විකුණගෙන කාපිය........

මම,
පරණ පහන

Camera : OLYMPUS T-110





ප.ලි. පොස්ට් එක අවුල් ද දන්නෑ... පොඩි වෙනසකටත් එක්ක... ;)

10 comments:

  1. පහන වුනත් පරණ වෙන්න වෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. හා ඇත්තට?? පහන විතරක් නෙමේ බං හැමදේම එහෙමයි

      Delete
  2. අපූරු නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවි

      Delete
  3. පරණ දේවල වල ලොකු අගයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං... කවදාවත් අඩු නොවෙන අගයක් ඒක

      Delete
  4. සිතුවිල්ල අකුරු කරපු හැටි නම් අපුරුයි

    ReplyDelete
    Replies
    1. එල එල
      ස්තුතියි සචිත් අම්බලමට ගොඩ උනාට...

      Delete
  5. Replies
    1. ස්තුතියි ධම්මික

      Delete