Monday, August 6, 2012

නිදහසද (මන්ද)


අහසට අයිතිත් නෑ මම
පොළවට අයිතිත් නෑ මම
මටම අයිතිත් නෑ මම
උඹට අයිතිද මේ මම

ඉර නගින නිසා නැගිට්ට මං
ඉර බැස්ස නිසා නිදාගත්ත මං
ආතක් පාතක් නැතුව හිටපු මං
උඹ නිසා හැදෙයිද බං මං

ඇගටම දියවුණු සරම හොදයි
හන්දියට යන්න ෂෝට තමයි
නුඹත් එක්ක හැමදාමත්
කොහේ ගියත් එක ඩෙනිමයි

තද පාටවල් අදිනේපා දැන්
කොන්ඩේ ඔහොම හදන්නෙපා දැන්
කැත වචන කියන්නෙපා දැන්
මල සමයං ඉන්න දියන් බං

 කොල්ලො ටික බහිනවා වල දැන්
හතරහා මාරයි පන්ති ටයිම් දැන්
අමතක කරන්නෑ ඒ කාලේ මං
මොනවා කරන්නද මම හිරවෙලා බං

දියවෙනවා දැන් මගේ කොලු කාලේ
වැටුන නිසා මේකිගේ මායම් දෑලේ
මොනව කරන්නද අපේ රාලේ
බටකොල කෑවලු විෂ්ණුත් ඒ කාලේ

 

12 comments:

  1. හික්ස්... පරණ සීන් මතක් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.... කෑ ගහන්න එපා මචෝ, කාඩ් කුඩු...

      Delete
  2. හැමදාම එකම විදිහට ඉන්න බෑනේ..........ඔය තාලේ හොදයි කියල හිතා ගන්න අනේ.....

    ReplyDelete
    Replies
    1. තාලේ නම් හොදයි, ඒත් නටන්න තමයි බැරි.... :D

      Delete
  3. හ්ම්ම්ම්... අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හ්ම්.. කාන්තා පාර්ශවයට මේ දුක තේරුම් ගන්න ටිකක් අමාරුයි තමයි ඉතිං.....

      ස්තුතියි සහොදරී මේ පැත්තට ගොඩ උනාට...

      Delete
  4. අන්තිම පද ටික කියවන්න කලින් මට මගේ මහත්තයා කියන කවියක් වගේ දැනුනා. එයාටත් අන්තිම ටික හිතුනට කියන්නේ නැද්ද නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පේ.......... අපිනම් දන්නෑ ඕං ඒවා.... කවුරු කවුරුත් අන්තිම පද ටික මුමුණනවා විතරයිනේ..... :D :D

      ස්තුතියි සහොදරි මේ පැත්තට ආවට...

      Delete
  5. ඉර නගින නිසා නැගිට්ට මං
    ඉර බැස්ස නිසා නිදාගත්ත මං
    ආතක් පාතක් නැතුව හිටපු මං
    උඹ නිසා හැදෙයිද බං මං

    තද පාටවල් අදිනේපා දැන්
    කොන්ඩේ ඔහොම හදන්නෙපා දැන්
    කැත වචන කියන්නෙපා දැන්
    මල සමයං ඉන්න දියන් බං

    මේ පද ටික තමයි මම ආසම :):) හරිමම ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි...... කොල්ලෝ කැමති නිදහස සහ කෙල්ලො කැමති පිලිවෙල තමයි ඔය.... :D :D

      Delete
  6. ආපහු හැරීමක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං දිනේෂ්.... හැරුනොත් බඩුම තමයි....

      Delete