Monday, July 30, 2012

සිහිනෙක පිපි රෝස මල

මේ..... රෝස මල....

හ්ම්.......

ඇයි කතා නැත්තේ.......

මුකුත් නෑ....

හැමදාම මුකුත් නෑ තමයි,
වෙලාවකට අහන්න හිතෙනවා මුකුත් නැත්තේ මොකද කියලා...
කෝ ඉතිං හිතුවට අහන්න පුළුවන්යැ....

ඔන්න ඉතිං පුරුදු විදියට හාවක් හුවක් නෑ...... කමක් නෑ....  ඒකත් හොදයි,
කතා නොකර ඇස් වලින් විතරක් මගේ පපුව මෙච්චර හිරිවට්ටනව නම් කතා කරෝතින්,,
හ්ම්..... ෂුවර් මගේ පපුව බිමට වැටේවි......

පුංචි ගුරු පාට ඇස් දෙකකට මගේ හිතට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ.....  ඒත්.....   
"නුඹ මටත් හොරෙන් මගේ හිතම අරන් " රෝස මල.... 
ගත්ත හිත මම ආයි ඉල්ලන් නෑ, ඉල්ලන්නත් බෑනේ...
හැබැයි ඔන්න ගත්තා වගේම පරිස්සමට තියාගන්න ඕනේ හොදේ.... 
විසි කරලා දාන්න බැ.... ආ... තව එකක් තියාගන්නවා කියලා කියන්නත් ඕනේ....

ඒයි මේ.....................

කියන්න.... වැරදුනා...... කියන්න රෝස මල....... 

අදනම් වහිවිද මන්දා.... මෙන්න රෝස මල කතා කරනවා........ 

මේ හෙට මොකද කරන්නේ...

කවදාවත් නැතුව මොකද මේ.... බලමු.....
හෙට නිවාඩුනේ..... හ්ම්..... නිදාගන්න දවස....... 

හා..... හොදට නිදාගන්න...

මලා....... පුදනකොටම කාපි යකා.... ඔය කරේ......
නෑ... නෑ... කියන්න මොකක්ද වෙන්න ඕනේ.......

පොඩි ගමනක් යමු ද...

අම්මෝ.... මොකද මේ වෙන්නේ...... 
සතියට එක දවසයි නිදාගන්නේ... කමක් නෑ නින්ද වගේයැ..... 
හා කොහෙද ??

මල් වත්තට....

ඈ........

ඔව් අනේ......... මොකෝ බය වෙලා....

ම්හ්..... නෑ... නෑ.. යමු යමු........ ඒත් ඇයි එක පාරටම ???
සිකුරා නළලටම කොටන්නද මන්දා හදන්නේ.........

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.........

මට ???

හ්ම්.........

කවුද අප්පේ අද උදේම දැක්කේ........ කවුරු උනත් අදහන්න වටිනවා.......
රෝස මලත් එක්ක මල් වත්තට ගිහින් තණ කොල පෙත්තෝ ගනින්නයැ.....
මම දන්නවා රෝස පැලේ හැරෙන්නේ මොන පැත්තටද කියලා...... 

එනවනේ......

ඔව් ඔව් නෑවිත් කොහොමද.......
 හෙට......... හ්ම්..... ඇයි දෙයියනේ හෙට අද එන්නැත්තේ.........

_ _
ඒයි.... ඒයි..... නැගිටිනවා.... නිදාගන්නවනම් කට වහගෙන, වාඩි වෙලා නිදාගන්නවා,
හිටගෙන හිනා වෙවි හීන බල බල නිදාගන් නැතුව.....  ආ මෙන්න වාඩි වෙනවා.... 
මම බහිනවා.... පරිස්සමට යන්න.. ආයි නිදාගන්න එපා......

හීනේ.............. හ්ම්........ හීනයක් තමයි........... හැමදාම දකින හීනය......
පරිස්සමට යන්න රෝ........ නෑ.... නෑ.... මචං..... පරිස්සමට පලයන් හොදේ..... 

8 comments:

  1. කෙල්ලකෙුට කොලේලෙකුටද... උඹ මචං කියලා තියෙන්නෙ???

    හීන බලන එකාව දැක්ක තව එකෙක්, කෙල්ල බහිද්දි කියනවලු...

    රෝස මලේ නුඹ තැන තැන යන්න එපා බැද්දේ...
    කොනිත්තන්න මනූජයා මග බලාන ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් බොල... කොල්ලෝ කවදද බං රෝස මල් වෙන්නේ :)


      හා හා හරි හරි අපි තමයි කොනිත්තන්නේ...
      කොනිත්තලා කටු ඇන ගන්න තමයි වෙන්නේ..... :D

      Delete
  2. හි හි......නියමයි....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවි.... :)

      Delete
  3. කතාවනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් සහෝ......

      Delete
  4. හික්ස්.. මරු හීනේ.. කමක් නැ.. එක හීනෙන් එළි වෙන්නේ නැනේ.. ආයේ නිදා ගන්න හීනේ ඉතුරු කොටස පෙනෙයි..

    ReplyDelete
    Replies
    1. :D :D හැමදාම හීනෙනම් පේනවා... කොහෙද එකම තැනින්මයි නවතින්නේ...

      Delete