Thursday, July 12, 2012

නුඹට හොරා මගේ සල්ලාලකම....



ඔයා කිව්වට ඒක ලේසිපාසු දෙයක් නෙමෙයි....
මම කොහොමද එයාව අමතක කරන්නේ,

ඔයා නම් කියයි.....

අපි දෙන්නා අතරේ කොච්චර ලොකු බැදීමක් තියෙනවද කියලා
ඔයාට හිතාගන්නවත් බෑ.....

ඔන්න ඉතිං........ නෑ.... නෑ..... මට ඔයාවත් ඕනේ ඔයා නැති කරගන්නත් බෑ....

ඒත්.... ඒත්..... එයා......??

එයැයි මායි අපේ ලෝකේ තනිවුනාම............. හ්ම්..........
කොච්චර සුන්දර මතකයන්ද, ඒවා ලේසියෙන් අමතක වෙනවද?
එහෙම අමතක කරන්න පුළුවන්ද?
මම හිතන්නෑ.............

කවුරුවත් නැති ඕනෙම වෙලාවක ඕනෙම තැනක් අපි දෙන්නට හොදටම ඇති,
අත් අල්ලන්, හීතලට තුරුලු වෙලා ඉන්න ජෝඩු දකිද්දි එයා මට තව තව ලං වෙනවා........
ගෙදර කවුරුවත් නැති ගොඩක් දවසට දවල් රෑ කියලා වෙනසක් නැතුව මගේ ඇද එයත් එක්ක
බෙදාගත්තත් මගේ හිතේ ඔයාට තියෙන තැන නැති වෙන් නෑ........

බයවෙන්න එපා.... ඔයයි මායි අතරට නම් එයා කවදාවත් එන එකක් නෑ.....
ඒත්............... ඔයා පොඩ්ඩක් හරි දුරකට ගියොත්............. එයා මාව හොයාගෙන එන්නේ හුළගක් වගේ ඉක්මණින්... බොරු කියන්නේ මොකටද...
මමත් එයා එනකන් මග බලං ඉන්නේ... ඒ තරමටම අපි අපිට ළං වෙලා...

ඔයා මගේ ළග නැතිවුනාම මම එයාගේ පහස සොයන්නේ මාත් මනුස්සයෙක් නිසා,
ඇට, මස්, ලේ තියෙන මටත්, හැගිම් දැනීම් තියෙන නිසා, අරක්කු ෂොට් එකකට ගංජා කෑල්ලකට
වහ නොවැටුන මම එයා ළගටම යන්නේ ඔයාගෙන් පස්සේ මම ආසම හැගීම විද ගන්නේ එයත් එක්ක නිසා...

ඉතිං ඔයා මට කියන්න මම කොහොමද එයාගෙන් ඈත් වෙන්නේ......

බෑ..... බෑ..... ඔයා කොච්චර කිවුවත් මම මගේ තනි රකින,
මගේ තනිකමට යන්න කියන් නෑ......

ඔය කවුරුත් නැති කාලෙක තමයි තනිකම මාව හොයාගෙන ආවේ,
හැම හමුවීමකම වෙන්වීමක් තිබුනත්..... අද ඔයා නිසා  මට බෑ ඒ තනිකමට පිටුපාන්න......

කවදාහරි ඔයා ඒවිනේ................... අපි එදාට එයාට යන්න කියමු...........
එතකන් මගේ තනිකම මම ළගම හිටපුවාවේ..............

9 comments:

  1. උඹට සිරාවට කතා ලියන්න පුළුවන් එකේ පොඩි පොතක් ලියපංකෝ බං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...
      අඩේ තාම එච්චර බෑ බං... තාම [L] බොඩ්....

      Delete
  2. තනිකම නේන්නම් හැමදාම ළග ඉන්නේ
    පට්ට

    ReplyDelete
    Replies
    1. හොදට විදින්න පුළුවන් දෙයක් තමයි තනිකම,
      සතුටුයි මචං අම්බලමට ගොඩ උනාට...

      Delete
  3. තනිකම...

    සිරාවටම ලියල තියෙනවා..

    ReplyDelete