අහසට අයිතිත් නෑ මම
පොළවට අයිතිත් නෑ මම
මටම අයිතිත් නෑ මම
උඹට අයිතිද මේ මම
ඉර නගින නිසා නැගිට්ට මං
ඉර බැස්ස නිසා නිදාගත්ත මං
ආතක් පාතක් නැතුව හිටපු මං
උඹ නිසා හැදෙයිද බං මං
ඇගටම දියවුණු සරම හොදයි
හන්දියට යන්න ෂෝට තමයි
නුඹත් එක්ක හැමදාමත්
කොහේ ගියත් එක ඩෙනිමයි
තද පාටවල් අදිනේපා දැන්
කොන්ඩේ ඔහොම හදන්නෙපා දැන්
කැත වචන කියන්නෙපා දැන්
මල සමයං ඉන්න දියන් බං
කොල්ලො ටික බහිනවා වල දැන්
හතරහා මාරයි පන්ති ටයිම් දැන්
අමතක කරන්නෑ ඒ කාලේ මං
මොනවා කරන්නද මම හිරවෙලා බං
දියවෙනවා දැන් මගේ කොලු කාලේ
වැටුන නිසා මේකිගේ මායම් දෑලේ
මොනව කරන්නද අපේ රාලේ
බටකොල කෑවලු විෂ්ණුත් ඒ කාලේ
හික්ස්... පරණ සීන් මතක් වෙලා වගේ...
ReplyDeleteඅනේද කියන්නේ.... කෑ ගහන්න එපා මචෝ, කාඩ් කුඩු...
Deleteහැමදාම එකම විදිහට ඉන්න බෑනේ..........ඔය තාලේ හොදයි කියල හිතා ගන්න අනේ.....
ReplyDeleteතාලේ නම් හොදයි, ඒත් නටන්න තමයි බැරි.... :D
Deleteහ්ම්ම්ම්... අනේ මන්දා..
ReplyDeleteහ්ම්.. හ්ම්.. කාන්තා පාර්ශවයට මේ දුක තේරුම් ගන්න ටිකක් අමාරුයි තමයි ඉතිං.....
Deleteස්තුතියි සහොදරී මේ පැත්තට ගොඩ උනාට...
අන්තිම පද ටික කියවන්න කලින් මට මගේ මහත්තයා කියන කවියක් වගේ දැනුනා. එයාටත් අන්තිම ටික හිතුනට කියන්නේ නැද්ද නම් දන්නේ නෑ.
ReplyDeleteඅප්පේ.......... අපිනම් දන්නෑ ඕං ඒවා.... කවුරු කවුරුත් අන්තිම පද ටික මුමුණනවා විතරයිනේ..... :D :D
Deleteස්තුතියි සහොදරි මේ පැත්තට ආවට...
ඉර නගින නිසා නැගිට්ට මං
ReplyDeleteඉර බැස්ස නිසා නිදාගත්ත මං
ආතක් පාතක් නැතුව හිටපු මං
උඹ නිසා හැදෙයිද බං මං
තද පාටවල් අදිනේපා දැන්
කොන්ඩේ ඔහොම හදන්නෙපා දැන්
කැත වචන කියන්නෙපා දැන්
මල සමයං ඉන්න දියන් බං
මේ පද ටික තමයි මම ආසම :):) හරිමම ලස්සනයි යාලු :)
ස්තුතියි ස්තුතියි...... කොල්ලෝ කැමති නිදහස සහ කෙල්ලො කැමති පිලිවෙල තමයි ඔය.... :D :D
Deleteආපහු හැරීමක් නෑ වගේ...
ReplyDeleteඔව් බං දිනේෂ්.... හැරුනොත් බඩුම තමයි....
Delete