Tuesday, October 23, 2012

දුවේ නුඹ මගේ ප්‍රාණයයි...

මතකද එදා උඹලැයේ අම්මා මාවයි උඹවයි දාලා ගිය දවස, මුලු හිතින්ම මම ඒ ගෑණීට ආදරේ කරත් ඒකි ගිය දවසේ සයිමගේ කසිප්පු ගුබ්බෑයමටවත් නොගිහින් දුක දරාගෙන උඹව තුරුල් කරන් හිටියේ ආයිත් පාරක් උඹේ කදුලු දකින්න මට ඕන උනේ නැති නිසයි, 

වැල්ලේ හැදුන කරා කාරයෙක් වුන මාත් එක්ක උඹලැයේ අම්මා රෑ පානේ ආපු දවසේම උඩරට මහඋන්දලා නෑ කම් කටු ගෑවත් කවදා හරි උඹ  වැල්ලේ පැටී ගේ කෙල්ල නොවි ගජනායක වලව්වේ පුංචි මිණිපිරී වෙන්න ඕන කියලා හිතලා උන්ගෙන් නෑකම් හිගා කෑවත් ගෙදර ඇති කරන බල්ලා තරන් වත් උන් මාව ගනන් ගත්තේ නෑ..

මනුස්සයෙක් වෙච්ච මාත් ගෙදර තියා ගන්න තව ගෑණියෙක් ගෙනාවේ නැත්තේ මගේ හැගීමට වඩා උඹට අම්මා වෙන්න බැරි බව දන්න නිසායි, හීතල හවසට හතලිස් හතේ කාමරේ සීයට දෙසීයට රෙද්ද උස්සන ගෑනු පස්සේ ගියේ නැත්තේ මගේ එක සතුටකින් උඹේ මුලු අනාගතයම කාලකණ්නි වෙනවා කියලා දන්න නිසායි..

දවල් වරුවේ අඩු පංගුවට රස්සාව කරන්න දියඹේ ගිහින් රෑට අගුපිල් වල ලගින් නැතුව ගෙදර එන්නේ අම්මා නැති උඹව මලක් වගේ බලාගන්න මට ඕන වුන නිසායි... උඹේ වයසේ කෙල්ලෝ දැලේ මාලු ගලවන්න එද්දි ගමේ ඈයින්ගෙන් කයි කතන්දර අහගෙන උඹව ගෙදර යැව්වේ මේ අපායේ පුංචි හරි මතකයක් උඹේ හිතේ තියන්න මට ඕන උනේ නැති නිසයි..

ගමේ කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවෙයි මාලුසිරි මහත්තයගේ දූලා පවා ගමේ ඉස්කෝලෙට යද්දි මම උඹව සල්ලි අරන් උගන්නන ඉස්කොලෙකට දැම්මේ උඹේ අනාගතේ සුන්දර වෙන්න ඕන නිසයි.... වැල්ලේ එවුන් ඇගිල්ලේ තරමට ඉදිමියන් කියද්දිත් සන්තකේටම තිබුන පුශ් සයිකලේ විකුණලා මම උඹට අලුත්ම අලුත් ෆෝන් එකක් අරන් දුන්නේ දුරක හිටියත් මගේ ළගින්ම ඉන්න ඕන නිසයි...

කොහොම හරි උඹ මගේ හීනේ හැබෑ කරා....  ඔව් උඹ විශ්ව විද්‍යාලෙට ගියා.... එදා මම වැල්ලටම කන්න දුන්නා, නාන්න තරන් බොන්න දුන්නා.. අවුරුදු ගානකට පස්සේ මම අලුත් ජීවත් වෙන්න පටන් ගත්තා... අලුත් හීන දකින්න පටන් ගත්තා... මොන හීන දැක්කත් මුහුදු රස්සාව මම අමතක කරේ නෑ.. හිටපු ඉඩම් කෑල්ල උකස් කරලා අලුත් පන්නේ අතේ ගෙනියන පරිගණකයක් අරන් දුන්නා... අතේ හයිය තියෙනකන් උඹට කලා ඇදලා සතුටින් ඉන්න දෙන්නයි මට ඕන වුනේ... කවදා හරි මට බැරි වුන දවසට උඹ මාව බලා ගනීවි කියලා අහිංසක බලාපොරොත්තුවක් මගේ හිතෙත් තිබුනා...

උඹ විශ්ව විද්‍යාලේ ජීවිතේට හුරු වුනා... අදහස් අමුතු වුනා... අටෙන් උඩට නොගිය මට උඹ කියන සමහර දේවල් පුදුමෙනුත් පුදුම හිතුනා... ඒත්.... වෙනදට සතියට පාරක් ගෙදර ඇවිත් ඔරු කදේ ඉදන් ගිරවි වගේ විස්තර කියන උඹ මාස ගානකට ගෙදර ආවේ නෑ.... ගෙදර ඉන්න ටිකෙත් උඹ හිටියේ උඹේම ලෝකෙක... මගේ මුලු ලෝකෙම උඹ උනත් දවසක් උඹේ පොතක් අස්සෙන් කොල්ලෙක්ගේ පොටෝ එකක් බිමට වැටුන වෙලාවේ මගේ හිත කැඩිලා බිදිලා ගියා... මට වඩා දැන උගත් උඹ නරකක් කරගන්නේ නෑ කියලා විස්වාස කරලා මම වචනයක් වත් උඹට කිව්වේ නෑ....

කොහොම හරි විශ්ව විද්‍යාලෙන් පස්සේ උඹ බැංකු නෝනා කෙනෙක් වුනා... රස්සාව නිසා වැඩ වැඩියි කියලා ගෙදරට ආවෙම නැති තරන්.. ඉදලා හිටලා මං කොල් කරත් නොරුස්සන විදියට කතා කරන නිසා කරදරයක් නොවී ඉන්න මම හිතුවා... ඔයින් මෙයින් ඉඩම සින්න වෙන්න ආවා... ඒ ගැන පුංචි හරි දුකක් උඹට තිබුනේ නෑ... උඹ කොළඹ රටේ ගේ පොඩ්ඩක් ගනීවි කියලා මාත් හිතාගෙන හිටියා.... 

දවසක්.. උඹෙන් කොල් එකක්..... මං රට යනවා.... උඹේ කටින් මං අහපු අන්තිම වචන දෙක.... දින සති මාස වුනා... මේ වෙනකන් කිසිම ආරංචියක් නෑ...  ඉඩම සින්න වුනා... ඇද්ද පැටී කෙල්ලට වැඩිය කරන්න ගිහින් කෙලව ගත්තා.. දාහක් වචන මැද්දේ මම වැල්ලෙන් ආවා... පාර අහගෙන උඹේ ලියුම් වල තිබුන තැන් බලාගෙන මං ආවා කොළඹට... 

අතේ තිබ්බ සොච්චම වියදන් කරලා සරම් කෑල්ලක් අරන් උඹ වැඩ කරන බැංකුවට ගියා... 
සමාධි මිස් ඉන්නවද... 
සමාධි මිස් දැන් මෙහෙ නෑ නේ... මිස් රට ගියා..
අංකයක් එහෙම නැද්ද සමාධි මිස්ගේ....
නෑ අංකල්... මිස්ගේ තාත්තා විතරයි ලංකාවේ හිටියේ එයත් ආන්ත්‍රා වුනා කියලා, මහත්තයා එක්ක නවතින්නම  තමයි ගියේ.... 
_ _ _ _ _ _ 

එදා බැංකුවෙන් එලියට ආපු මම ඉබාගාතේ ගියා... දැන් මට ජීවිතයක් නෑ.. මගේම දුව මට පාංසිකූලෙත් දීලා ඉවරයි... රස්සාවකට අත් වාරු නැති නිසා මම තවත් අසරණ වුනා... වැල්ලේ මරක්කලයා වෙලා මිනිස්සුත් එක්ක හිටපු මම අද කවුරුත් නැති අසරණයෙක්.....  ඒත් දුවේ මං උඹට වෛර කරන් නෑ...
Camera : Nokia 2700 | Location : Cancer Hospital - Maharagama

Friday, October 19, 2012

මන්දාරම



ගොඩක් ඉස්සර මම මන්දාරමට ආදරේ කරා, මොකද ඒ මන්දාරම යටින් යද්දි මට දුකක් තනිකමක් දැනුනෙ නැති නිසා, මන්දාරම කොච්චර දරුණු වුනත් හිතට බයක් ආවේ නෑ... ඒත්...... කාලයක් යද්දි මන්දාරමයි තනිකමයි දුකයි විතරක් මට ඉතුරු වුනා.....

ඊට පස්සේ මම මන්දාරමට වෛර කරා.. තනිකම තුරල් කරන් හිටපු මට මන්දාරම වදයක් වුනා. සීතලට උණුසුමක් නැතුව ඉබාගාතේ ඇවිද ඇවිද හිටපු මට, පුංචි උණුසුමක් ගේන්න පුලුවන් උනේ බියර් එකකට විතරයි... ඔව් පාලුව, තනිකම, සීතල මේ හැමදේම බෝතලේට උගස් කරන්න මට සිද්ද වුනා...

එක දවසක් අහම්බෙන් මන්දාරම ටිකක් තුනී වුනා... හීනි ඉර එලියක් පොළවට වැටුනා.... ඒක ටිකෙන් ටික මන්දාරම තුනී කරා... සත්තයි... ඒ එලියෙන් ජීවිතයක් දැක්කා..මං වෙනුවෙන් ඉන්න ජීවිතයක් ඒ ඉර එළියෙන් මං දැක්කා... මන්දාරමෙන් බැට කකා හිටි මට ඒ ජීවිතය ලොකු හයියක් උනා... කවදාවත් ොදැකපු බැදීමක පෙරමං සළකුණු දැක්කා.... ඉතිං... බෝතලේට සමු දීලා ජීවිතය එක්ක හාද වුනා.. 

ඒත් ඒ ජීවිත ටිකක් දුරයි... ආයිමත් මන්දාරම ආවා... සැරින් සැරේ ඉර පායලා එලිය කරත්.. ගොඩක් වෙලාවට මන්දාරම දිනුවා..... හැමදාම මග බලන් ඉන්ේ කවදආයිමත් ජීවත් වෙන්ේ කියලා..  කවදා හරි මන්දාරේ තනි මකන්න ජීවිතය ඉන්න නිසා වෙනදා තරම් මන්දාරමට වෛර නොකරත්.. මන්දාරමට ආදරේ කරන්න මට බැරි වුනා... 

හදිස්සියේම...... ඊයේ වැස්සා....... හොදටම වැස්සා.... මන්දාරමේ එකතු වෙලා තිබුණු වැහි බින්දු මාව හොදටම තෙම්මුවා.... මගේ කදුලු අරන් වැහි බින්දු බිමට වැටුනා... දැන් මම ආයිමත් හිනා වෙන්න උත්සහ කරනවා... හැම දෙයක් දිහාම සුභවාදීව හිතන්න ඒ වැස්සෙන් මම ඉගෙන ගත්තා... සමහර ේවල් වෙනස් වෙන්න එක වැස්සක් ඇති... මම දැන් මන්දාරමට වෙනදට වඩා ආදේ කරනවා...  විතරක් නෙවෙයි මම දැන් වැස්සටත් ආදරෙයි...... 

වෙනදා මන්දාරමට වෛර කරපු මම, හීන් වැහි ොදට බැනපු මම, අද මහ වැහි වැටෙකන් මන්දාරම දිහා බලාගෙන ඉන්නවා... අද නම් වහින පාටක් නෑ.... කමක් නෑ.... කවදා හරි වහින්න එපැයි.... මම බලාගෙන ඉන්නම්.......

 

සිහිනය


Tuesday, October 2, 2012

මම





යුනිකොඩ් කරන්න හිතුනත්.. මේකට මේ විදිය හොදයි කියල හිතුනා

Tuesday, September 11, 2012

3 in 1

කලකට පස්සේ එකම පොස්ට් එකේ කෑලි 3 ක්ම දැම්මා ඕං..


Camera : OLYMPUS T-110 | Location : Ruwanwalisaya - An'pura

Camera : OLYMPUS T-110

Camera : OLYMPUS T-110
නිවාඩු පාඩුවේ යන්න එක දවසින් ගිහින් එන්න පුලුවන් ගමනක් තමයි මේ, රූපේ යටින් දාලා තියෙන විදියට අනුරාධපුරේ තමයි පොට් එක.. හරිම ලේසියි ගමන.. පාන්දර 4.30 ට කොටුවෙන් (පුත්තලම් පාර) තියෙන බස් එකේ නැගලා උදේ 9.00 වෙද්දි අනුරාධපුරෙන් බහින්න පුලුවන් :D බලන්න කොච්චර සිම්පල් ගමනක්ද, පැය 4ක් නිදාගෙන යන්න පුලුවන් නිසා නින්දේ ඇරියස් එකක් හිටින්නෙත් නෑ.. ආයිමත් හවස 4.30 ට අනුරාධපුරෙන් නැග්ගාම 9.30 ට විතර කොටුවට එන්න පුලුවන්.. 

සතියේ දවසක යනවනම් තමයි ගොඩක් හොද, තදබදයක් නැති නිසා හිතේ හැටියට වැද පුදා ගන්න පුලුවන්...

අමාරුයි කියලා හිතුවට අමාරු නෑ... කතාවක් තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියල...

Thursday, September 6, 2012

අතීතය


ඔව් මම තාම ඉන්නවා,
මම දන්නවා උඹ මාව එලිය කරේ මට තියෙන ආදරේකට නෙමෙයි,
උඹට මාව ඕන වුන නිසා, ගෙයි මුල්ලේ හිටි මාව පිහිදානකොට මම හිතුවේ,
උඹලගේ ලොකු එකීට වගේ උඹටත් ගාය හැදිලා කියලා,

ඒත් ඒකීටත් මාව ඕන උනේ අර මස් වැද්දගේ ලොකු එකාට ආදර ලියුම් ලියන්න විතරයි,
මට මතකයි...
ඒකී අන්තිමට මාව හුරතල් කරේ අරුත් එක්ක හදපානේ යන දවසේ රෑ.....

දැන් උඹ ??? බොට මොකටද මාව?? අනේ මට මගේ පාඩුවේ ඉන්න දියන්...

සුදු පාටට දිලිසෙන අර දිග ගැටව් දිහා බලද්දි මම නාකියි.... ගොඩක් නාකියි බොල...
උඹ දන්නවද උඹලෑයේ අම්මගේ අම්මත් එක්ක තමයි මම මෙහෙ ආවේ,
බොලා හැදුනේ, වැඩුනේ මගේ ඇස් ඉස්සර... ඒ මගේ තරුණ කාලේ...
ඒ කාලේ අවුරුද්දට කවුරුත් මාත් එක්ක තමයි වැඩි ගණුදෙනුවක් තිබුනේ...
තොපේ මහ එකා මාව උලලා උලලා ලස්සනට තියනවා ඒ කාලේ...
ඔව්... අන්තිමට උන්දැගේ මරණේ දවසේත් මම උන්දැට තනි රැක්කා...
වෙන කවුරුත්ම හිටියේ නෑ උන්දෑ ගාව....

දැන්... දැන්... උඹ මොකටද එන්න හදන්නේ...
කමක් නෑ පත්තු කරපන් මාව.... පත්තු කරපන් කිව්වාම.....
ඊට පස්සේ මාව විකුණපිය... විකුණගෙන කාපිය........

මම,
පරණ පහන

Camera : OLYMPUS T-110





ප.ලි. පොස්ට් එක අවුල් ද දන්නෑ... පොඩි වෙනසකටත් එක්ක... ;)

Monday, August 27, 2012

හුදකලාව




Camera : OLYMPUS T-110 | Location : Kalabongo_Hikaduwa
 
ඒ හීනෙට මම ගොඩක් ආදරේ කරා
ඒත් ඒක හීනයක් විතරයි කියලා දැනගනිද්දි
මම ගොඩක් පරක්කුයි, 
වෙන හීනයක් දකින්නත් හිත දෙන්නෑ
මොකද ආදරේ කරපු හීනේ මතකයන් තාමත් තියෙනවා
ඉතිං මම මේ හුදකලාවේ ඉදන් පරණ හීනෙම දකිනවා


Friday, August 24, 2012

මාද බඹරෙකි.......

Camera : Sony Ericsson J20i




හැඩකාර නූඹ
උඩින් ඉද මට
රගනායුරු
පෙන්නා යට මට
කට ඇර බලා
සිතමි නිරතුරු
උඩ ඇති ලස්සන යටත් ඇත්නම්
මාද බඹරෙකි.......

Wednesday, August 8, 2012

තුරුලේ සැනසෙන්න මොහොතකට පෙර

ගොඩ දවසකින් පොටෝ කෑල්ලක් දාන්න උනේ නෑනේ... ඔන්න අද දැම්මා...

එකොමත් එක දවසක හැන්දෑකරේ මුහුද පැත්තේ රස්තියාදු වෙද්දි තමයි මට මේ හොරේ අහු වුනේ,
දවල්ට අපිට කොච්චර සද්දේ දැම්මත්, හැමදාම හවසට අඩියක් ගහල ගෙදට පූසා වගේ එන සයිමන් මාමා වගේමයි, කිසි වෙනසක් නෑ... හිමින් සැරේ ඇවිත් අර අරයාගේ තුරුලේ වැටෙන්නේ අපිටත් හොරා... ඒත් ඉතිං ඔන්න අද නම් හොරේ අහු උනා.......




 
Camera : Sony Ericsson J20i_5mp | Location : Ambalangoda Rest house Beach



Monday, August 6, 2012

නිදහසද (මන්ද)


අහසට අයිතිත් නෑ මම
පොළවට අයිතිත් නෑ මම
මටම අයිතිත් නෑ මම
උඹට අයිතිද මේ මම

ඉර නගින නිසා නැගිට්ට මං
ඉර බැස්ස නිසා නිදාගත්ත මං
ආතක් පාතක් නැතුව හිටපු මං
උඹ නිසා හැදෙයිද බං මං

ඇගටම දියවුණු සරම හොදයි
හන්දියට යන්න ෂෝට තමයි
නුඹත් එක්ක හැමදාමත්
කොහේ ගියත් එක ඩෙනිමයි

තද පාටවල් අදිනේපා දැන්
කොන්ඩේ ඔහොම හදන්නෙපා දැන්
කැත වචන කියන්නෙපා දැන්
මල සමයං ඉන්න දියන් බං

 කොල්ලො ටික බහිනවා වල දැන්
හතරහා මාරයි පන්ති ටයිම් දැන්
අමතක කරන්නෑ ඒ කාලේ මං
මොනවා කරන්නද මම හිරවෙලා බං

දියවෙනවා දැන් මගේ කොලු කාලේ
වැටුන නිසා මේකිගේ මායම් දෑලේ
මොනව කරන්නද අපේ රාලේ
බටකොල කෑවලු විෂ්ණුත් ඒ කාලේ

 

Monday, July 30, 2012

සිහිනෙක පිපි රෝස මල

මේ..... රෝස මල....

හ්ම්.......

ඇයි කතා නැත්තේ.......

මුකුත් නෑ....

හැමදාම මුකුත් නෑ තමයි,
වෙලාවකට අහන්න හිතෙනවා මුකුත් නැත්තේ මොකද කියලා...
කෝ ඉතිං හිතුවට අහන්න පුළුවන්යැ....

ඔන්න ඉතිං පුරුදු විදියට හාවක් හුවක් නෑ...... කමක් නෑ....  ඒකත් හොදයි,
කතා නොකර ඇස් වලින් විතරක් මගේ පපුව මෙච්චර හිරිවට්ටනව නම් කතා කරෝතින්,,
හ්ම්..... ෂුවර් මගේ පපුව බිමට වැටේවි......

පුංචි ගුරු පාට ඇස් දෙකකට මගේ හිතට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ.....  ඒත්.....   
"නුඹ මටත් හොරෙන් මගේ හිතම අරන් " රෝස මල.... 
ගත්ත හිත මම ආයි ඉල්ලන් නෑ, ඉල්ලන්නත් බෑනේ...
හැබැයි ඔන්න ගත්තා වගේම පරිස්සමට තියාගන්න ඕනේ හොදේ.... 
විසි කරලා දාන්න බැ.... ආ... තව එකක් තියාගන්නවා කියලා කියන්නත් ඕනේ....

ඒයි මේ.....................

කියන්න.... වැරදුනා...... කියන්න රෝස මල....... 

අදනම් වහිවිද මන්දා.... මෙන්න රෝස මල කතා කරනවා........ 

මේ හෙට මොකද කරන්නේ...

කවදාවත් නැතුව මොකද මේ.... බලමු.....
හෙට නිවාඩුනේ..... හ්ම්..... නිදාගන්න දවස....... 

හා..... හොදට නිදාගන්න...

මලා....... පුදනකොටම කාපි යකා.... ඔය කරේ......
නෑ... නෑ... කියන්න මොකක්ද වෙන්න ඕනේ.......

පොඩි ගමනක් යමු ද...

අම්මෝ.... මොකද මේ වෙන්නේ...... 
සතියට එක දවසයි නිදාගන්නේ... කමක් නෑ නින්ද වගේයැ..... 
හා කොහෙද ??

මල් වත්තට....

ඈ........

ඔව් අනේ......... මොකෝ බය වෙලා....

ම්හ්..... නෑ... නෑ.. යමු යමු........ ඒත් ඇයි එක පාරටම ???
සිකුරා නළලටම කොටන්නද මන්දා හදන්නේ.........

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.........

මට ???

හ්ම්.........

කවුද අප්පේ අද උදේම දැක්කේ........ කවුරු උනත් අදහන්න වටිනවා.......
රෝස මලත් එක්ක මල් වත්තට ගිහින් තණ කොල පෙත්තෝ ගනින්නයැ.....
මම දන්නවා රෝස පැලේ හැරෙන්නේ මොන පැත්තටද කියලා...... 

එනවනේ......

ඔව් ඔව් නෑවිත් කොහොමද.......
 හෙට......... හ්ම්..... ඇයි දෙයියනේ හෙට අද එන්නැත්තේ.........

_ _
ඒයි.... ඒයි..... නැගිටිනවා.... නිදාගන්නවනම් කට වහගෙන, වාඩි වෙලා නිදාගන්නවා,
හිටගෙන හිනා වෙවි හීන බල බල නිදාගන් නැතුව.....  ආ මෙන්න වාඩි වෙනවා.... 
මම බහිනවා.... පරිස්සමට යන්න.. ආයි නිදාගන්න එපා......

හීනේ.............. හ්ම්........ හීනයක් තමයි........... හැමදාම දකින හීනය......
පරිස්සමට යන්න රෝ........ නෑ.... නෑ.... මචං..... පරිස්සමට පලයන් හොදේ..... 

Monday, July 16, 2012

බලාපොරොත්තුව......

Camera : Sony Ericsson J20i_5mp
මියැදුණු නුඹලා අතර
හුස්ම පොදක් හිගාකා
අවසරයි මටත් ගන්න
ජීවිතයට බලාපොරොත්තුවක්

ජාතියක් ජන්මයක් නැති
ආගමක් දහමක් නැති
ගමක් රටක් නැති
මාත් ජීවිතයක් නුඹ වගේම

අම්මා අප්පා නෑ දන්නේ
අයියා අක්කා දැකලම නෑ
පරපුර ගැන මොන කතාද
අවජාතකයි මං, ඒත් ජීවිතයක්

හෙට දවස හීනයක්
අද දවස විඩාවක්
මරණය මට සැපක්
නැතිනම් නුඹෙන් හුස්ම බිදක්

- - - - - - - - - - - - - - - - - - - -


Thursday, July 12, 2012

නුඹට හොරා මගේ සල්ලාලකම....



ඔයා කිව්වට ඒක ලේසිපාසු දෙයක් නෙමෙයි....
මම කොහොමද එයාව අමතක කරන්නේ,

ඔයා නම් කියයි.....

අපි දෙන්නා අතරේ කොච්චර ලොකු බැදීමක් තියෙනවද කියලා
ඔයාට හිතාගන්නවත් බෑ.....

ඔන්න ඉතිං........ නෑ.... නෑ..... මට ඔයාවත් ඕනේ ඔයා නැති කරගන්නත් බෑ....

ඒත්.... ඒත්..... එයා......??

එයැයි මායි අපේ ලෝකේ තනිවුනාම............. හ්ම්..........
කොච්චර සුන්දර මතකයන්ද, ඒවා ලේසියෙන් අමතක වෙනවද?
එහෙම අමතක කරන්න පුළුවන්ද?
මම හිතන්නෑ.............

කවුරුවත් නැති ඕනෙම වෙලාවක ඕනෙම තැනක් අපි දෙන්නට හොදටම ඇති,
අත් අල්ලන්, හීතලට තුරුලු වෙලා ඉන්න ජෝඩු දකිද්දි එයා මට තව තව ලං වෙනවා........
ගෙදර කවුරුවත් නැති ගොඩක් දවසට දවල් රෑ කියලා වෙනසක් නැතුව මගේ ඇද එයත් එක්ක
බෙදාගත්තත් මගේ හිතේ ඔයාට තියෙන තැන නැති වෙන් නෑ........

බයවෙන්න එපා.... ඔයයි මායි අතරට නම් එයා කවදාවත් එන එකක් නෑ.....
ඒත්............... ඔයා පොඩ්ඩක් හරි දුරකට ගියොත්............. එයා මාව හොයාගෙන එන්නේ හුළගක් වගේ ඉක්මණින්... බොරු කියන්නේ මොකටද...
මමත් එයා එනකන් මග බලං ඉන්නේ... ඒ තරමටම අපි අපිට ළං වෙලා...

ඔයා මගේ ළග නැතිවුනාම මම එයාගේ පහස සොයන්නේ මාත් මනුස්සයෙක් නිසා,
ඇට, මස්, ලේ තියෙන මටත්, හැගිම් දැනීම් තියෙන නිසා, අරක්කු ෂොට් එකකට ගංජා කෑල්ලකට
වහ නොවැටුන මම එයා ළගටම යන්නේ ඔයාගෙන් පස්සේ මම ආසම හැගීම විද ගන්නේ එයත් එක්ක නිසා...

ඉතිං ඔයා මට කියන්න මම කොහොමද එයාගෙන් ඈත් වෙන්නේ......

බෑ..... බෑ..... ඔයා කොච්චර කිවුවත් මම මගේ තනි රකින,
මගේ තනිකමට යන්න කියන් නෑ......

ඔය කවුරුත් නැති කාලෙක තමයි තනිකම මාව හොයාගෙන ආවේ,
හැම හමුවීමකම වෙන්වීමක් තිබුනත්..... අද ඔයා නිසා  මට බෑ ඒ තනිකමට පිටුපාන්න......

කවදාහරි ඔයා ඒවිනේ................... අපි එදාට එයාට යන්න කියමු...........
එතකන් මගේ තනිකම මම ළගම හිටපුවාවේ..............

Friday, May 4, 2012

දෙතොල නොකි දේ අහන්නට......



ඇයි කතා නැත්තේ,
මම දන්නවා කියන්න හදන දේ...

ඒත්... එකම එක පාරක් ඔයාගේ කටින්ම අහගන්න ආසයි
ගොළු වෙලා වගේ ඉන්න එපා ඉතිං කියන්න....


හ්ම්..........................


කමක් නැ ඕන තරම් වෙලා අරන් කියන්න,
මම බලන් ඉන්නම්.......,


එතකන් ඔය ඇස් දෙකෙන් අකුරු කරන ගොඩක් දේවල්,
හිමින් සැරේ තේරුම් ගන්නම්..... 


අමතක කරන්න එපා........
මම බලාගෙන ඉන්නවා ඔයා කතා කරනකන්.........

Saturday, April 28, 2012

අපේ ගමේ තැන් - 2

මාඩාට වැඩියෙන් ප්රතිචාර ආපු ලිපියේ දෙවෙනි කොටස තමයි අද මේ ලියන්න හදන්නේ...
ආයිමත් යනවනම් පලවෙනි ලිපියට මේන් පාර -

අපේ ගමේ තැන් - 1 (ගලගොඩ පන්සල / කරන්දෙණිය පන්සල)

මේ අද එක,

සිත නිවන, ගත දවන, පෙම් කෙලින අම්බලන්ගොඩ බීච් පාක්

මුහුද...... කොච්චර බැලුවත් ඇති වෙන්නැති, ලංකාවේ කොයි කොනේ හිටියත් එක පාරක් හරි එන්න කැමති තැනක් තමයි.. දුපතක් උන අපේ රටට මුහුද කියන්නේ දරුවෙක්ට තාත්තා කෙනෙක් වාගේ දෙයක්.. අපේ වැරැද්දකට තාත්තා කොච්චර ගැහැවුවත් අපි තාත්තා එකක් තරහා නෑ වගේ මුහුදෙන් මොන කරදර ආවත් තාමත් මුහුද අත් ඇරපු කෙනෙක් මම දන්න තරමින් නෑ... අද කියන්නේ මේ මුහුදේ අසිරිය විද ගන්න පුළුවන් අපේ ගමේ තියෙන එක තැනක් ගැන,

කුරුදුගහ පිවිසුමෙන් ඇවිත් අම්බලන්ගොඩට වැටෙන තැන (ධර්මාශෝක විද්‍යාලය අසල) කෙලින්ම ඉස්සරහ පිට්ටනියත් එක්ක තියෙන පාරෙන් ගියාම මේ කියන තැනට ගොඩක් ලේසියෙන් යන්න පුළුවන්..

කොළඹ - ගාල්ල (A2) පාරෙන් එනවනම්, අම්බලන්ගොඩ පොලීසිය පහුවෙලා අංශක 90 ක විතර වංගුවක් තියෙනවා එතනින් දකුණට දාලා සුවන හොස්පිට්ල් එකත් එක්ක තියෙන පාරෙන් එන්න ඕනේ.
 





රතු පාටින් හයිවේ එකේ එනවනම් පාර, නිල් පාටින් A2 එකෙන් එනවනම් පාර. 
සිතියම් කෑල්ල උඩ ඔබලා ලොකු කර ගන්න පුළුවන්.. 


කෙල්ලත් එක්ක වලියක් දාගත්තාම, මනෝ පාරක් දා ගෙන පාවි පාවි ඉන්න වගේම, දවසේ තියෙන පට්ට බිසියෙන් ටිකක් නිදහස් වෙන එක හවස් කරේ මේ තැනට ආවොත් ගොඩක් හොදට කරගන්න පුළුවන්... ඈත කොනක ඉර බහින හැටි බලාගෙන, මුහුදු හුළං පාරක් විද ගෙන සනීපෙට ඉන්න පුළුවන්... කඩල කාරයෝ, බැලුම් කාරයෝ වගේම කාක්කොත් නැති නිසා පුදුම නිදහසක් තියෙනවා.. 

කොහොමද සනීපේ... මේ මාත් එකක් පොටෝ කෑලි ටික ගන්න ගිය එකා, මම වැඩේ කරන් එනකම්ම මු කරේ මල් කඩපු එක.

ඔය ඈත පෙන්නේ ගෙදවාන ගල, කාලයක් කුරුළු අභය භුමියක් වෙලා තිබුන කිව්වට, හරියටම ඔප්පු කරන්න සාධක නම් නෑ..  ඒත් මුහුදු ලිහිණි කුඩු හදන්න අදටත් ඔය ගලට එනවා.. ඒ කාලේට මුලු ගලම සුදු පාටයි. නිතරම ලිහිණි වටේට පියාඹ පියාඹ තමයි ඉන්නේ, මුහුදු බෙල්ලෝ යහමින් තියෙන තැනක් විදියට ඔතන ගොඩක් ප්රසිද්ධයි.

 
කාටවත් වදයක් වෙන් නැති විදියට අඩියක් එහෙම ගහන්නත් මෙතන සුපිරි, පවනේ ගහන්න පුළුවන්නේ ඒකයි... හැබැයි.... මේ හරියේ නාන්න නම් යන්න එපා... කොච්චර පළපුරුදු උනත් මෙතන නාන්න එපා... නාන්න තව තැන පස්සේ දාන්නම් කො.. ඒත් මෙතන නම් එපා.. නාන්නේ නැතිව ඕන ආතල් එකක් ගන්න පුළුවන්... 


පොඩි ළමයි එකක් උනත් ඇවිත් අවුලක් නැතිව සතුටු වෙන්න පුළුවන්... වගේම 10-15 ක සෙට් එකකට පොඩි පාටියකුත් දාන්න පුලුවන්... හැබැයි ලොකු සද්ද දාන්න එපා.. පුංචියට නම්... කිසි අවුලක් නෑ...

ගොඩ ආපු වැලි කිදුරෙක්...

මේ තැන වැඩියෙන්ම ප්රසිද්ධ තරුණ පෙම්වතුන් අතරේ, උදේ 9 විතර වෙනකොට බංකු ටික බුක් වෙලා ඉවරයි, ඔය කස්ටියටත් අයිනේ තියෙන බංකුවක වාඩියක් දාලා ආතල් එකේ කාගෙන්වත් බාධාවක් නැතුව චැටක් දාන්න නම් මෙතන සුපිරි තැනක්, ඒත් ඉන්න තැන අමතක කරන්න හොද නෑ ප්රසිද්ධ ස්ථානයක් නේ පිළිවෙලට හැසිරෙන්න ඕනේ හොදේ... එනවනම් ඉතිං උදෙන්ම එන්නත් වෙනවා, අපායට ගියත් කලින් යන්න එපැයැ... :D

මේ ඔක්කොමත් එක්ක පිහිටීමේ නම් පොඩි අවුලකුත් තියනවා... කනත්ත එහෙම නැත්තම් සොහොන තියෙන්නේ එක තාප්පෙකින් වෙන වෙලා... මුහුද ළගට ගියාම මුහුද දිහා බලනවා මිසක් ගොඩබිම බලන්නේ නෑනේ.. ඒ නිසා ගොඩක් ලොකු අවුලක් නෑ... අනික ජීවිතේ මාන්දමික වෙලා කියලා හිතලා කවි කතා එහෙම ලියනව නම්, කනත්ත දිහා බැලුවා ලිව්වා.... මෙතන දි ජීවිතෙයි මරණයයි වෙන් වෙන්නේ එක තාප්පෙකින්..... 

කොහොම උනත් නිකමට හරි අම්බලන්ගොඩ ආවොත් මේ තැනටත් ඇවිත් යන්න... හවස් යාමේ එනවනම් ගොඩක් ලස්සනට තියේවි... මේ පොඩි උපදෙස් ටිකක් ඔලුවට දාගන්නකෝ,

බීලා හරි නැතුව හරි කොච්චර වැඩ කාරයෙත් උනත් මෙතන නාන්න යන්න එපා
වීදුරු බෝතල් එහෙම ගෙනෙල්ලා අරගෙන යන්න අමාරු නම් බිදින් නැතුව අයිනකින් තියන්න
අසල්වාසින් එකක් වෙරි මරගාතේ කචල් වලට යන්න එපා
 


එහෙනම් ආයු බෝ....

Thursday, April 26, 2012

ඇස ගිය තැන

වෙසක් පටන් ගන්නකොටම වහිනවා.... එපා වෙනවා...
වහින එක එක්කෝ වැහැපන් හේදිලා යන්න.. මොන උදේ ඉදන් චුරු චුරු ගානවා....
ඒත් මේ අහස් දෙයියෝ 5 වෙද්දි නම් දෙනවා දොඹෙන්, ඇයි යකෝ අපි ගෙදර යන්නේ නැද්ද....
වැඩක් නෑ කතා කරලා...... ස්වභාදහමත් අපිත් එකක් ගෙමටමයි එන්නේ.....

චුරු චුරුව අස්සේ අපේ ඔපීසියේ ගත්ත පොටෝ කෑලි දෙකක් දාන්න හිතුනා,

ඕන්න එහෙනම් බලලා ඉන්න,

ද diමියා

 
නොක්කාඩුවට පසුව ඔබේ වත.......

Monday, April 23, 2012

අපේ ගමේ තැන් - 1 (ඇස නැවතුන තැන් ටිකක්)

මාඩා අවුරුදු කාලේ ගමේ පොඩි කරක් ගැහුවා කියලා මතක ඇතිනේ, ඉස්සෙල්ලා ලිපියෙන් තිබුනේ ඒකේ එක කොටසක්, කලින් ගියේ නැත්තම් මෙන්න පාර,

ඉතිං ඒ පන්සලේ දී මඩා ගත්ත පිංතූර ටිකක් මේ....
පතා ආවෙමි හිමියනේ...


දල්වන්නට පෙර..


ගසේ සිසිල උරුම පොළවටයි...
මිය යන අපි...


දැල් වූ පහන්සිළු එකි නෙක මියදුනා, ළංවු අප දෙතැනක තනි වූනා..

පිපී පරවෙන්නට නුඹේ උර මත අවසරයි....

Friday, April 20, 2012

අපේ ගමේ තැන් - 1

අවුරුදු නිවාඩුවෙන් පස්සේ අද තමයි ඔන්න වැඩ ඇල්ලුවේ,
ඒ අතරේ මාඩා ගේ අම්බලම පටන් අරන් අවුරුද්දකුත් ගෙවිලා ගියා.. 
සෙවනැල්ලක් ලෙස 19 දෙනෙකුත්, මේ වෙද්දි අම්බලමට ගොඩවුන ගණන 1939 ත් විදියට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම අම්බලම 2/4/2012 දින ලාංකීය සිතුවිලි සිංඩියට ඇතුලත් වුනා, සිංඩි ගැන මාඩා දැනුවත් කරපු ගොල්ඩ් fish ට ගොඩක් ස්තුතියි.. ඉතිං මේ හැම දෙයක් එක්කම මාඩා, මේ අවුරුද්දේත් මාඩා ගේ අම්බලමේ ඉන්නවා..... ස්තුතියි අම්බලමේ සෙවනැල්ලක් වුනු, අදහස් දක්වපු, අදහස් නොදැක්කුවත් ගොඩවෙලා ගිය සියළුම දෙනාට.....
-----------------------------------------------------


මේ ළගදි දවසක් ගොල්ඩ් fish අපේ ගම් පලාත පැත්තේ ආවානේ.. ඇවිත් නා කියාගෙන ගිහින් සුපිරි ලිපියකුත් දාලා තිබුනා. ඔය වෙලාවෙදි මාළු යාලුවා මගෙන් ඇහුවා අම්බලන්ගොඩ තව මොනවද බලන්න තියෙන්නේ කියලා, ඒ වෙලාවේ එක පාරට ඔලුවට ආවේ නැතත් අවුරුදු නිවාඩුවේදි හිමින්සැරේ මඩා ඒ ගැන හොයලා බැලුවා.

මෙතන ඉදන් අම්බලන්ගොඩ ගැන පොඩි විස්තර ටිකක් දිග අරින්නයි හදන්නේ, 

අම්බලන්ගොඩ,
දකුණු පළාතේ ගාලු දිසාවේ පිහිටි තවත් එක් නගරයක්.
දකුණු මුහුදු සීමාවේ තිබෙන අනිකුත් නගර හා සැසදීමේදි සුනාමියෙන් අවම ජීවිත හානි සිදු වුනු නගරයක්, අධිවේගී මාර්ගයේ කුරුදුගහ පිවිසුමට ළගම ප්රධාන නගරය ලෙසත් අම්බලන්ගොඩ හදුන්වන්න පුළුවන්.
ඒ වගේම වැදගත්ම දේ තමයි, ඈත අතීතයේ ඉදල මේ වන තෙක්ම කිසිදු අන්‍යාගමික සිද්ධස්ථානයක් අම්බලන්ගොඩ තිබිලා නැ. නගරයේ වෙළදාමෙන් 80% ක් විතර සිංහල මිනිස්සු තමයි පාලනය කරන්නේ..

හරි පරිසර වර්ණනාව ඉවරයි. දැන් අදාල කාරණේට බහිමු,

අම්බලන්ගොඩ බලන්න තියෙන්නේ මොනව ද?

අධිවේගී මාර්ග භාවිතය දැන් සමාන්‍ය දෙයක් බවට පත්වෙලා නිසා කුරුදුගහ අධිවේගි පිවිසුමේ ඉදන් කතාව පටන් ගන්නම්..


ගලගොඩ පන්සල / කරන්දෙණිය පන්සල

කුරුදුගහ පිවිසුමෙන් අම්බලන්ගොඩ පැත්තට එනකොට ඇරව්විල හන්දියෙන් දකුණට හරවපු ගමන් ඇති පාර කෙලින්ම පන්සලට තමයි යන්නේ.. මේ පාරෙන් ගියාම යන වාහනය පන්සල අසලටම ගෙනයන්න පුළුවන්. කුරුදුවතු මැදින් යන මේ පාර ටික දුරක් ගියාම රළු වෙනවා.. ඒත් වාහනයට අවුලක් වෙන තරමටම රළු නෑ ඕං. 

ගල් තලාවක් උඩ තමයි පන්සල ගොඩ නගලා තියෙන්නේ, හැමදේටම වඩා විශේෂම දේ වෙන්නේ පන්සලේ තියෙන සැතපෙන පිළිම වහන්සේ.... දකුණු ආසියාවේ විශාලම සැතපන පිළිමය වෙන්නේ මේ පිළිමය කියලත් කියනවා. කාලෙකට කලින් වල් බිහිවෙලා තිබුන මේ පිළිමය දැන් ප්රතිසංස්කරණය කරන්න පටන් අරන්. මේ සැතපෙන පිලිමයට අමතරව වෙනම බුදු ගෙයක් මෙන්ම මෑතකදි නිර්මාණය කරපු සිදුහත් උපත දක්වන පිලිමෙකුත් පන්සලේ තියෙනවා. 

ප්රතිසංස්කරණය කරමින් පවතින පිළිමවහන්සේ

 සැතපෙන පිලිම වහන්සේ ඉන්න මේ මන්දිරේ තව අපූරු නිර්මාණ කීපයකුත් හදලා තියෙනවා,
ඒ තමයි එළාර - දුටුගැමුණු යුද්ධය. 
 
දුටු ගැමුණු රජු එළාර අවසාන සටනට

දුටු ගැමුණු රජු එළාර අවසාන සටනට

දුටු ගැමුණු මහා රජතුමා
මෙම නිර්මාණ සිදුකර නිර්මාණකරුවා සැතපෙන පිළිම වහන්සේ හා අනෙකුත් බුදු රූප හැර අන් සෑම නිර්මාණයක්ම සමාන්‍ය මිනිසෙකුගේ උසට නිර්මාණය කිරීමට වගබලාගෙන තියෙනවා, ගොඩක් අඩුවෙන් දකින්න තියෙන අවස්ථාවක් තමයි ඒ.. තව දෙයක් නිර්මාණකරු ඔහුගේ සත්‍ය ප්රමාණයේ පිළිමයක් මේ විහාර මන්දිරේ ඇතුලේ හදලා තියෙනවා. 

විහාර මන්දිරයේ අසහාය නිර්මාණකරු
විහාර මන්දිරයේ ඇතුලේ රූප ටිකක් මේ, මේ වගේ පිළිම නෙළන්න කොච්චර ඉවසීමක් කැපවීමක් ඉයෝනිස් උපාසක මහතා ළග තියෙන්න ඇද්ද.....



විහාර මන්දිරෙන් පිටත මුහුද දක්වාම පේන පුළුල් දර්ශණයක් බලාගන්නත් පුළුවන්... 



 පන්සලේ දි ඇස ගැටෙන තැන් ටිකක් තමයි මේ..



වාහනෙන් එන්න අකමැති අය ඉන්නවනම්, අත් අල්ල ගෙන ගල් පඩි නගින්නත් පුළුවන්
අකුරු දාහක් එක රූපෙකින් කියන්න පුළුවන් නේ ඒ නිසා වැඩිපුර පොටෝ කෑලි ටිකක් දැම්මා... වෙලාවක් තියෙන පිංවතුන් එහෙම ඉන්නවනම් ඇවිත් වන්දනා කරලා යන්න එන්න....

Thursday, April 12, 2012

අපේ ලෝකේ

 
ඔයා ඔයාගේ ලෝකෙක
මම මගේ ලෝකෙක
මගේ මුළු ලෝකේම ඔයයි කියපු අපි දෙන්නා
අද ලෝක දෙකක....

හති දාගෙන දුවන ජීවිත තරගෙත් එක්ක
අපිට එක ලෝකෙකට එන්න බැරිද

එකම එක විනාඩියක් අපේ ආදරේ වෙනුවෙන්
කැප කරන්න අපි දෙන්නටම බැරිද

අපිට එච්චරටම වැඩ තියෙනවද
මට ඇත්තම කියන්න ඔයා මට ආදරේ නැද්ද,
නෑ..... නෑ......
අපි දෙන්නම දන්නවා,

අපි අපිට තාමත් ආදරෙයි කියලා....
එහෙනම් ඇයි මේ..........????

පිරිමියෙක් විදියට මම කැමති,
ඔයා මගේ ලෝකෙට එන එකට

මට ඔයාගේ ලෝකෙට එන්න බැරුව නෙමේ ඒත්......
මම කැමති නෑ....

එතකොට ඔයා..
ගතානුගතික පෙම්වතියක් නොවුන නිසා
මම ඔයාට ගොඩාක් ළං වුනා...

ඉතිං ඒ  ගතානුගතික බවින්
දුරස් වුන ඔයත් මම වගේම හිතනවා ඇති....

මේකට විසදුමක් තියෙන්නම ඕන....
විසදුම මොකක් වුනත් හේතුව මම දන්නවා.....

ඔව් අපි දෙන්නම හොදටම අහංකාරයි...........

 ____________________________________

අලුත් අවුරුද්දට කලින් දාන අන්තිම පොස්ට් එක,
මේක පබ්ලිෂ් වෙනකොට හ්ම්........ඔව්......
අම්මගෙන් සුපුරුදු පරිදි අහගන්න බැනුම් මැද්දේ සැප නින්දේ ඇති....
නිවාඩු දවස කියන්නේ අප්පා නිදා ගන්න දවස නේ.... 
අම්මට කොහෙද ඕවා තේරෙන්නේ......

ඉතිං අම්බලමත් එක්ක සෙවනැල්ල වගේ ඉන්න, කමෙන්ට් දාන, 
කමෙන්ට් නොදැම්මත් ගොඩවෙලා යන හැම දෙනාටම,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..........

Tuesday, April 10, 2012

නුඹ නැති පාළුව.....

පුංචි හිතකට ගොඩාක් ලොකු තනිකමක් දැනුනා, කාටවත් නොකියා හොර රහසෙම එළියට ආවා,
මෙන්න මුලු මිදුලෙම අමුතු ලෝකයක් මැවිලා පුටුවකුත් අරන් ඇවිත් පිණි බිංදු වලින් තෙමි තෙමි මාත් ඒ ලෝකෙට ගියා.............................................




Thursday, March 29, 2012

පුංචි ගෝලයගෙන්.......























 
මගේ ගුරුතුමීට,

ළමයි දඟ කරාවි,
සත්තයි ඔයාට මාව මතක් වෙයි..

හදිස්සියේ සද්දේ වැඩි උනොත්,
මාව මතක් නොවි ඉන්නෑ..

නිකමට හරි වැඩියෙන් ප්‍රශ්ණ ඇහුවොත්,
අපෝ ඔයාගේ ප්‍රශ්ණ පත්තරේ..

පුංචි කමට හුරතල් උනොත්,
බබා වගේනේ අනේ ඔයා..

ඒත්.................

ළමයි කියාවි,

"ගුරුතුමී හරි හොඳයි"

එදාට..,,

"ඔයාට හොඳට උගන්නන්න පුලුවන්,
ගුරුකම උපතින්ම ඇවිල්ලා තියනවා"

මතක්වෙයි.



 ඉතිං...... මේ පුංචි ගෝලයව කවදාවත් අමතක වෙන එකක් නෑ.......