_ _ _ _ _ _ _ _ _
නෙතට නැගෙන කදුලු බිදු
මුවට නැගෙන සෝක සුසුම්
සිතට දැනෙන පාලු හැගුම්
කෙසේ සගවා සමුදෙන්නද මං නුඹලාට
|
දරුකම, ආදරය, සහෝදරත්වය
හරි හම්බ කරපු දේය මේ කාලෙට මම
උකසට තියා හෙට දවස වෙනුවෙන් එය
යන්නම් එහෙනම් අවසරයි මට
|
|
අම්මේ තාත්තේ පුංචි පුතුට එහෙනම් සමුදෙන්න
ලොකුය කොල්ල දැන් බෑ උකුලට එන්න
දෙපා නමැද පතනෙමි අවසර මෙන්න
ගිහින් එන්නම් බුදු සරණයි දෙන්නටම
|
හෙට දවසටත් හිරු පායා ඒවි
මල්ගොමු, මදනල නැවතත් ජීවය දේවි
ළග නැති පාලුව හද රිද්දාවි
නුඹටත් අවසරයි එහෙනම් මම යන්නම්
|
මචං ඉතිං මම යනවා එහෙනම් බං
බදිනවනම් මතක් කරලා බැදපල්ලා
ළග නොසිටියත් අමතක නෑ උඹලා නම්
සෙට් වෙන දවසක කොල් එකක් දීපල්ලා
|
අවසරයි ඉතිං..!
_ _ _ _ _ _ _ _ _
කොහෙද මේ යන්න හදන්නෙ.
ReplyDeleteකන්තාරේට පියැඹුවා මචං...
Deleteඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා !
Deleteකොයි යන්නේ...බද ලෙලවාලා.. ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දූර ඈත රටක තනිවී..... :D
Deleteසිරාවට කොහෙද බන් යන්නේ
ReplyDeleteඅපිටත් කිව්වා නම් අඩන්න හරි තිබ්බා දුකට!
කාන්තාරේ පැත්තට ලෑන්ඩ් කරා මචං... අද තමයි ටිකක් නිදහසක් හම්බුනේ
Deleteකොහේද මේ යන්න හදන්නේ?
ReplyDeleteලංකාවෙන් ටික කාලෙකට ඈත් උනා මචං
Deleteඅග මුල නොතේරේ.... සුබ ගමන්
ReplyDeleteලංකාවේ මුහුදෙන් පිටට පැන්නා සහෝ
Delete