Monday, May 13, 2013

එහෙනම් අවසරයි මට..!!

_ _ _ _ _ _ _ _ _

 නෙතට නැගෙන කදුලු බිදු
මුවට නැගෙන සෝක සුසුම්
සිතට දැනෙන පාලු හැගුම්
කෙසේ සගවා සමුදෙන්නද මං නුඹලාට
|

දරුකම, ආදරය, සහෝදරත්වය
හරි හම්බ කරපු දේය මේ කාලෙට මම
උකසට තියා හෙට දවස වෙනුවෙන් එය
යන්නම් එහෙනම් අවසරයි මට
|
අම්මේ තාත්තේ පුංචි පුතුට එහෙනම් සමුදෙන්න
ලොකුය කොල්ල දැන් බෑ උකුලට එන්න
දෙපා නමැද පතනෙමි අවසර මෙන්න
 ගිහින් එන්නම් බුදු සරණයි දෙන්නටම
|

හෙට දවසටත් හිරු පායා ඒවි
මල්ගොමු, මදනල නැවතත් ජීවය දේවි
ළග නැති පාලුව හද රිද්දාවි
නුඹටත් අවසරයි එහෙනම් මම යන්නම්
|

මචං ඉතිං මම යනවා එහෙනම් බං
බදිනවනම් මතක් කරලා බැදපල්ලා
ළග නොසිටියත් අමතක නෑ උඹලා නම්
සෙට් වෙන දවසක කොල් එකක් දීපල්ලා
|

අවසරයි ඉතිං..! 
_ _ _ _ _ _ _ _ _







11 comments:

  1. කොහෙද මේ යන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. කන්තාරේට පියැඹුවා මචං...

      Delete
    2. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා !

      Delete
  2. කොයි යන්නේ...බද ලෙලවාලා.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දූර ඈත රටක තනිවී..... :D

      Delete
  3. සිරාවට කොහෙද බන් යන්නේ
    අපිටත් කිව්වා නම් අඩන්න හරි තිබ්බා දුකට!

    ReplyDelete
    Replies
    1. කාන්තාරේ පැත්තට ලෑන්ඩ් කරා මචං... අද තමයි ටිකක් නිදහසක් හම්බුනේ

      Delete
  4. කොහේද මේ යන්න හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් ටික කාලෙකට ඈත් උනා මචං

      Delete
  5. අග මුල නොතේරේ.... සුබ ගමන්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුහුදෙන් පිටට පැන්නා සහෝ

      Delete