මතකද එදා උඹලැයේ අම්මා මාවයි උඹවයි දාලා ගිය දවස, මුලු හිතින්ම මම ඒ ගෑණීට ආදරේ කරත් ඒකි ගිය දවසේ සයිමගේ කසිප්පු ගුබ්බෑයමටවත් නොගිහින් දුක දරාගෙන උඹව තුරුල් කරන් හිටියේ ආයිත් පාරක් උඹේ කදුලු දකින්න මට ඕන උනේ නැති නිසයි,
වැල්ලේ හැදුන කරා කාරයෙක් වුන මාත් එක්ක උඹලැයේ අම්මා රෑ පානේ ආපු දවසේම උඩරට මහඋන්දලා නෑ කම් කටු ගෑවත් කවදා හරි උඹ වැල්ලේ පැටී ගේ කෙල්ල නොවි ගජනායක වලව්වේ පුංචි මිණිපිරී වෙන්න ඕන කියලා හිතලා උන්ගෙන් නෑකම් හිගා කෑවත් ගෙදර ඇති කරන බල්ලා තරන් වත් උන් මාව ගනන් ගත්තේ නෑ..
මනුස්සයෙක් වෙච්ච මාත් ගෙදර තියා ගන්න තව ගෑණියෙක් ගෙනාවේ නැත්තේ මගේ හැගීමට වඩා උඹට අම්මා වෙන්න බැරි බව දන්න නිසායි, හීතල හවසට හතලිස් හතේ කාමරේ සීයට දෙසීයට රෙද්ද උස්සන ගෑනු පස්සේ ගියේ නැත්තේ මගේ එක සතුටකින් උඹේ මුලු අනාගතයම කාලකණ්නි වෙනවා කියලා දන්න නිසායි..
දවල් වරුවේ අඩු පංගුවට රස්සාව කරන්න දියඹේ ගිහින් රෑට අගුපිල් වල ලගින් නැතුව ගෙදර එන්නේ අම්මා නැති උඹව මලක් වගේ බලාගන්න මට ඕන වුන නිසායි... උඹේ වයසේ කෙල්ලෝ දැලේ මාලු ගලවන්න එද්දි ගමේ ඈයින්ගෙන් කයි කතන්දර අහගෙන උඹව ගෙදර යැව්වේ මේ අපායේ පුංචි හරි මතකයක් උඹේ හිතේ තියන්න මට ඕන උනේ නැති නිසයි..
ගමේ කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවෙයි මාලුසිරි මහත්තයගේ දූලා පවා ගමේ ඉස්කෝලෙට යද්දි මම උඹව සල්ලි අරන් උගන්නන ඉස්කොලෙකට දැම්මේ උඹේ අනාගතේ සුන්දර වෙන්න ඕන නිසයි.... වැල්ලේ එවුන් ඇගිල්ලේ තරමට ඉදිමියන් කියද්දිත් සන්තකේටම තිබුන පුශ් සයිකලේ විකුණලා මම උඹට අලුත්ම අලුත් ෆෝන් එකක් අරන් දුන්නේ දුරක හිටියත් මගේ ළගින්ම ඉන්න ඕන නිසයි...
කොහොම හරි උඹ මගේ හීනේ හැබෑ කරා.... ඔව් උඹ විශ්ව විද්‍යාලෙට ගියා.... එදා මම වැල්ලටම කන්න දුන්නා, නාන්න තරන් බොන්න දුන්නා.. අවුරුදු ගානකට පස්සේ මම අලුත් ජීවත් වෙන්න පටන් ගත්තා... අලුත් හීන දකින්න පටන් ගත්තා... මොන හීන දැක්කත් මුහුදු රස්සාව මම අමතක කරේ නෑ.. හිටපු ඉඩම් කෑල්ල උකස් කරලා අලුත් පන්නේ අතේ ගෙනියන පරිගණකයක් අරන් දුන්නා... අතේ හයිය තියෙනකන් උඹට කලා ඇදලා සතුටින් ඉන්න දෙන්නයි මට ඕන වුනේ... කවදා හරි මට බැරි වුන දවසට උඹ මාව බලා ගනීවි කියලා අහිංසක බලාපොරොත්තුවක් මගේ හිතෙත් තිබුනා...
උඹ විශ්ව විද්‍යාලේ ජීවිතේට හුරු වුනා... අදහස් අමුතු වුනා... අටෙන් උඩට නොගිය මට උඹ කියන සමහර දේවල් පුදුමෙනුත් පුදුම හිතුනා... ඒත්.... වෙනදට සතියට පාරක් ගෙදර ඇවිත් ඔරු කදේ ඉදන් ගිරවි වගේ විස්තර කියන උඹ මාස ගානකට ගෙදර ආවේ නෑ.... ගෙදර ඉන්න ටිකෙත් උඹ හිටියේ උඹේම ලෝකෙක... මගේ මුලු ලෝකෙම උඹ උනත් දවසක් උඹේ පොතක් අස්සෙන් කොල්ලෙක්ගේ පොටෝ එකක් බිමට වැටුන වෙලාවේ මගේ හිත කැඩිලා බිදිලා ගියා... මට වඩා දැන උගත් උඹ නරකක් කරගන්නේ නෑ කියලා විස්වාස කරලා මම වචනයක් වත් උඹට කිව්වේ නෑ....
කොහොම හරි විශ්ව විද්‍යාලෙන් පස්සේ උඹ බැංකු නෝනා කෙනෙක් වුනා... රස්සාව නිසා වැඩ වැඩියි කියලා ගෙදරට ආවෙම නැති තරන්.. ඉදලා හිටලා මං කොල් කරත් නොරුස්සන විදියට කතා කරන නිසා කරදරයක් නොවී ඉන්න මම හිතුවා... ඔයින් මෙයින් ඉඩම සින්න වෙන්න ආවා... ඒ ගැන පුංචි හරි දුකක් උඹට තිබුනේ නෑ... උඹ කොළඹ රටේ ගේ පොඩ්ඩක් ගනීවි කියලා මාත් හිතාගෙන හිටියා....
දවසක්.. උඹෙන් කොල් එකක්..... මං රට යනවා.... උඹේ කටින් මං අහපු අන්තිම වචන දෙක.... දින සති මාස වුනා... මේ වෙනකන් කිසිම ආරංචියක් නෑ... ඉඩම සින්න වුනා... ඇද්ද පැටී කෙල්ලට වැඩිය කරන්න ගිහින් කෙලව ගත්තා.. දාහක් වචන මැද්දේ මම වැල්ලෙන් ආවා... පාර අහගෙන උඹේ ලියුම් වල තිබුන තැන් බලාගෙන මං ආවා කොළඹට...
අතේ තිබ්බ සොච්චම වියදන් කරලා සරම් කෑල්ලක් අරන් උඹ වැඩ කරන බැංකුවට ගියා...
සමාධි මිස් ඉන්නවද...
සමාධි මිස් දැන් මෙහෙ නෑ නේ... මිස් රට ගියා..
අංකයක් එහෙම නැද්ද සමාධි මිස්ගේ....
නෑ අංකල්... මිස්ගේ තාත්තා විතරයි ලංකාවේ හිටියේ එයත් ආන්ත්‍රා වුනා කියලා, මහත්තයා එක්ක නවතින්නම තමයි ගියේ....
_ _ _ _ _ _
එදා බැංකුවෙන් එලියට ආපු මම ඉබාගාතේ ගියා... දැන් මට ජීවිතයක් නෑ.. මගේම දුව මට පාංසිකූලෙත් දීලා ඉවරයි... රස්සාවකට අත් වාරු නැති නිසා මම තවත් අසරණ වුනා... වැල්ලේ මරක්කලයා වෙලා මිනිස්සුත් එක්ක හිටපු මම අද කවුරුත් නැති අසරණයෙක්..... ඒත් දුවේ මං උඹට වෛර කරන් නෑ...
Camera : Nokia 2700 | Location : Cancer Hospital - Maharagama |
හිතිං අඬන ගමන්...දරුවන්ට පිං නෑ..
ReplyDeleteටිකක් දුක හිතුන වෙලාවක ලිව්වේ...
Deleteස්තුතියි විමුක්ති...
මාරම සංවේදී ලියවිල්ලක් .. කියල වැඩක් නැහැ අප්පා..හොඳ ලිවීමේ හැකියාවක්.ජයම වේවා!
ReplyDeleteස්තුතියි හිරු... ටිකක් සංවේදී වුන වෙලාවක ලිව්වේ...
Deleteහ්ම්ම්... දාන්න කම්න්ට් එකක් හිතා ගන්න බෑ.. ඇත්තටම ගොඩක් හිතට දැනුනා..
ReplyDeleteහිතට දැනුනනම් ඒ ඇති මචං... ඒක ගොඩක් වටිනවා...
Deleteස්තුතියි සහෝ.....
නියමයි මචන්, එළට ලියලා තියනවා
ReplyDeleteස්තුතියි මුදියන්සේ......
Deleteසතුටුයි අම්බලමට ගොඩ උනාට
niyamama niyamai yalu hithata danenna liyala thiyenawa
ReplyDeletethnx උමා..
Deletesathutui ambalamata goda unata...
සුපිරියි මචන්, මම හිතුවේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවක් ගැන කියලා. මුල අමතක කරපු දෝණිට කවද හරි තාත්තාගේ අගය තේරේවි, එතකොට හැබැයි, ගොඩක් පරක්කු වෙයි. කතාව සිරාවටම හිතට වදිනවා මචන්, කියල වැඩක් නෑ, සුපිරියි, තවත් සුපිරි අදහස් යුනිකෝඩ් කරන්න ශක්තිය ධෛරිය ලැබෙන්න ඕනි.
ReplyDeleteසමහර විට දුවටත් එයාගේම දරුවෙක් ගෙන් ඒ වගේ දුකක් ලැබුන දවසට එයාට තේරේවි...
Deleteගොඩක් ස්තුතියි පැතුම්,
ඇස් දෙකට කඳුලු එන ගානට දැනුනා, ලස්සනට ලියලා තියන සැබෑ යථාර්තයක්, දරුවො ගැන බලාපොරොත්තු තියා ගැනීම හරිද වැරදිද කියලා මට තාම තේරුම් ගන්න බැහැ ......
ReplyDeleteස්තුතියි අයියේ.... ගොඩ කාලෙකට පස්සේ....
Deleteබලාපොරොත්තු කියන්නේ ජීවිතේට අලුත් හුස්මක්ලුනේ...