Camera : Sony Ericsson J20i_5mp |
මියැදුණු නුඹලා අතර
හුස්ම පොදක් හිගාකා
අවසරයි මටත් ගන්න
ජීවිතයට බලාපොරොත්තුවක්
ජාතියක් ජන්මයක් නැති
ආගමක් දහමක් නැති
ගමක් රටක් නැති
මාත් ජීවිතයක් නුඹ වගේම
අම්මා අප්පා නෑ දන්නේ
අයියා අක්කා දැකලම නෑ
පරපුර ගැන මොන කතාද
අවජාතකයි මං, ඒත් ජීවිතයක්
හෙට දවස හීනයක්
අද දවස විඩාවක්
මරණය මට සැපක්
නැතිනම් නුඹෙන් හුස්ම බිදක්
- - - - - - - - - - - - - - - - - - - -
මරු මචං....
ReplyDeleteකික්ම තමයිඈ....
Deleteසිරාම කවියක්..
ReplyDeletethnx මචං..
Delete