හදිස්සියේම......
ඊයේ වැස්සා....... හොදටම වැස්සා....
මන්දාරමේ එකතු වෙලා තිබුණු වැහි
බින්දු මාව හොදටම තෙම්මුවා....
මගේ කදුලු අරන් වැහි බින්දු බිමට වැටුනා...
දැන් මම ආයිමත් හිනා වෙන්න උත්සහ කරනවා...
හැම දෙයක් දිහාම සුභවාදීව හිතන්න ඒ වැස්සෙන් මම ඉගෙන ගත්තා...
සමහර දේවල් වෙනස් වෙන්න එක වැස්සක් ඇති...
- - - - - -
ආයිමත් වහිනවා....
කාලෙකට කලින් මේ
වැස්ස මේ විදියටම බිමට වැටුනා
මතකද??
අපේ පුංචි කුඩේ
අපිව ගොඩක් දුර අරන් ගියා..
කොච්චර තෙමුනත්
ඔයාටයි මටයි ඒ කුඩේ මදි වුනේ නෑ..
හිත පිරිලා ඉතිරෙන්න
තරම් ආදරයක් ඒ වෙනකොට
හිත් වල පිරිලා
තිබුන නිසා කොච්චර වැස්සත්
අපිට සීතල දැනුනේ
නෑ.. මුරුගසං වරුසාව කොච්චර අරියාදු කරත්
ඔයා තුරුල් කර
ගත්ත මගේ අතේ බර ඔයාට දැනුනේ නැත්තේ
ආදරේ නිසා කියලා
මම දැනුත් හිතනවා...
ඒත් දැන්..........
මුරුගසං වරුසාවෙදි
මගෙන් මිදුන් නැති ඔයාගේ අත, අද ඔයා ගසලා දලා,
වෙනදටත් වඩා මගේ
ආදරේ වැඩි වුනත් අපේ පුංචි කුඩේ
දැන් අපිට මදි
වෙලා..
ඉස්සර ගොඩක් දුර
ගියත් දැන් අඩි දෙකක් තුනක් යන එකත් හීනයක්ම වෙලා,
ඔව් මම තනි වෙලා....
හැමදේම හිතේ තුරුල් කරන් මම තනි වෙලා,
නැතිවෙන්න දෙයක්
නැති වුනත් තිබුන ඒ හැමදෙයක්ම මට ගොඩක් වටිනවා..
වැස්ස ගැන කොච්චර
ආසාවෙන් එදා කතා කරත්
අද මම වැස්ස නිසාම
තනිකම තේරුම් ගන්නවා....
හිතේ තියෙන ආදරේ
වැඩි නිසාම ගල්ගැහෙන මේ සීතලේ තෙමෙන ගමන් මම තාමත්
ඒ පරණ කුඩේම හොයනවා...
සමහර කුඩ මට සමච්චල් කරනවා,
සමහර ඒවා අනුකම්පා
කරනවා....
ඒත් මං තාමත් පරණ
කුඩේම හොයනවා.... අපේ කුඩේ තාමත් හොයනවා....
අන්තිමට......
මම තාමත් වෙනදා වගේම මේ වැස්සට ආදරෙයි...
මොකද එදා මට හිනාවෙලා
සතුටෙන් ඉන්න වරම් දීපූ මේ වැස්සම,
අද මගේ කදුළු කාටවත්
පෙන්නේ නැති වෙන්න ඇස් අද්දරම හෝදලා දාන නිසා....